Fabian de Alwis Gunasekare79 reviews4 followersFollowFollowDecember 4, 2022"...ශිෂ්‍යයින් 'අට පාස් කරන්න බැරි ඈයෝ' වැනි දේ කියමින් පොලිස් භටයින්ට අක්‍රෝෂ පරිභව කළ බව ඔහුට මතක ය. දුප්පත් පවුල්වලින් එන ශිෂ්‍යයින්, තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළු වී උපාධියක් ගෙන සමාජයේ ඉහළ මට්ටමකට නගින්ට ලැබුණු අවස්ථාව නිසා ම, එබඳු අවස්ථාවක් නො ලැබුණු අයට ගැරහීම, තමන් හා ඔවුන් අතර පන්ති භේදයක් දැක්වීම නොවේ ද යනු ආචාර්යවරයාගේ සිතෙහි කීප වරක් ම පහල වූ සිතුවිල්ලක් විය."විප්ලව සම්බන්ධ පොත් පත් හී විප්ලවයේ අන්ත දෙකෙහි ඇති පිල වල පිළිබඳව කතා කෙරුණත්, එම විප්ලව වලින් තැලෙන මධ්‍යස්ත කොටස පිළිබඳව නවකතා අඩු ය. සරච්චන්ද්‍ර මෙම කෘතිය හරහා '71 විප්ලවය හා සම්බන්ධ සිදුවීම් මගින් පිඩාවට පත්වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකුගේ කතාව අප ඉදිරියෙහි ගෙන හැර ඇත. කෘතියෙහි මුල් කොටසේදී පාලන බලය ලබා ගත පසු අත්තනෝමතික ලෙස හැසිරෙන වාමාංශික "ප්‍රගතශීලි" යැයි කියාගන්නා ශිෂ්‍යනුත්, අවසාන කොටසේදී ධනපති පන්තියෙහි හස්තය ලෙස ශිෂ්‍යයින් මර්දනය කරන්නාවූ පොලීසියෙහි / හමුදාව යන දෙපිල ම අතර වෙනසක් නැති බව කතෘ හඟවයි. කතාව සහ භාවිත කර ඇති භාෂා ශෛලිය රසවත් බැවින් මෙම කෘතිය එක හුස්මට කියවගෙන ගිය හැකිය.මට්ටම - තරු 4.5මුද්‍රණය - 2017 (තෙවැනි)මිල - රු.. 425.00ediriweera-sarachchandra sinhala-fiction