Prasad PolwatteAuthor 5 books14 followersFollowFollowMarch 11, 2023ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජින - W A සිල්වා (1922)මෙය ත්‍රාසය, කුතුහලය සහිත හොලිවුඩ් චිත්‍රපටයක් නැරඹීමෙන් ලැබෙන වින්දනය ගෙනදෙන නවකතාවකි. මෙම නවකතාව කියවීමේදී Raiders of the Lost Ark (Directed by Stevan Spielberg), Indiana Jones(Directed by Stevan Spielberg), Apocalypto (Directed by Mel Gibson) වැනි හොලිවුඩ් චිත්‍රපට සිහියට නැගෙනු ඇත.සමහර විචාරකයින් "ලක්ෂ්මි" රයිඩර් හගාඩ් ගේ "ඇ හෙවත් අයේෂා" නවකතාවේ අනුවර්තනයක් ලෙසට හඳුන්වනු ලැබුවත් මෙහි කර්තෘ වන W A සිල්වා එවැනි සඳහනක් කර නොමැත."ලක්ෂ්මි" කියවීමේදී රයිඩර් හගාඩ් ගේ "ඇ හෙවත් අයේෂා" නවකතාවේ සමහර කොටස් උපුටා ගෙන ඇති බව පෙනීයන නමුත් "ලක්ෂ්මි" "ඇ හෙවත් අයේෂා" නවකතාවේ අනුවර්තනයක් හෝ පරිවර්තනයක් නොවේ. එය ශ්‍රී ලාංකීය චරිත වටා ගොඩනගන ලද නවකතාවකි.