Jump to ratings and reviews
Rate this book

කැමෙලියා / Camellia

Rate this book

222 pages, Paperback

Published January 1, 2023

5 people are currently reading
78 people want to read

About the author

Virajinee Thennakoon

1 book6 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
24 (38%)
4 stars
19 (30%)
3 stars
15 (24%)
2 stars
2 (3%)
1 star
2 (3%)
Displaying 1 - 10 of 10 reviews
Profile Image for Nilu.
622 reviews51 followers
September 14, 2024
4.5 Stars

පො‌තේ ආ‌රම්භය දහනව වන සියවසේ අග හෝ‌ විසි වන සියවසේ මුල යැයි අනුමාන කරමි. කතුවරිය පො‌තේ පිදුම ට තෝ‌රාගෙන ඇ‌ත්තේ
"සිලෝ‌න් තේ" වෙනුවෙන් දිවිය කැප කළ සියලු කළු සුදු මිනිසුන් ය.
සැබවින්ම මේ ඔවුන්ගේ කතාවයි.

සම්පූර්ණ කතාවම ගො‌තික් සෙවනැල්ලකින් ආ‌වරණය වී ඇ‌ත. ඉඳ හිට ලා හිරු රැල්ලක් වැටුනද , අඳුරෙන් පූර්ණ ලෙස මිදිය නො‌හැකිය. මට එමිලි බ්‍රො‌න්ටේ ගේ අකාලික නවකතාවද ඉඳ හිට මතකයට නැඟුනි.

පො‌තේ කවරයේ තිබෙන ප්‍රබෝ‌ධමත් දීප්තිය දුම් දමන, රසැති උනුසුම් තේ කෝ‌ප්පයකට සම කළ හැකිය.
එහි අන්තර්ගතය නම් ඊට හාත්පසින්ම වෙනස් එකකි.
එය ඔබ අප සියල්ලම දන්නා නමුත් වැඩිය තැකීමකට නො‌ගන්නා කාරණා රැසකින් සමන්විතය.
අප කවදාවත් තේ කෝ‌ප්පයක් පානය කර අතරවාරයේ, තේ පැලයක් සිටවීමේ සිට , තේ දලු කැඩීමේ සිට, තේ වියලා , අසුරා, වර්ගිකරණය කො‌ට අපගේ අතට තේ බෑගයක් ලෙස එන ගමන දක්වා එයට සම්මාදම් වූ ශ්‍රමිකයන් ගැන හෝ‌, වියදම් වූ මුදල හෝ‌ එයට සම්බන්ධ කිසිම දෙයක් ගැන හිතන්නේ නැත.

ඉඳ හිට තේ වතු ආ‌ශ්‍රිත ප්‍රදේශයක විනෝ‌ද ගමනක් ගිය විටකදී නම් වරක් දෙවරක් එසේ සිතන්න අවස්ථාවක් දෙකක් ලැබී ඇ‌ත.

කැමෙලියා වරක මෙසේ කියන්නීය
"මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුඟඳ ලෙසද, විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙසද, නැතිනම් වැලපීමේ තිත්ත හෝ‌ යටහත් වීමේ ඇ‌ඹුල ලෙසද පමණක් මට දැනේ"

මම තේ බීමට ඇ‌බ්බැහි වූ අයෙක්මි. එහෙත් තේ සම්බන්ධව අතීත කතා , වර්තමාන කතා විමසන්නට ගියහො‌ත් මටත් කැමෙලියාට මෙන්ම සිතුවිලි පහල වීම වැලැක්විය නො‌හැක.

විරාජිනී ඔබ කදිම කතාවක් නිර්මාණය කර ඇ‌ත. ඔබ මායා යථාර්තවාදීව , මිනිස් සිත් සතන් වල බිහිසුණුකම වගේම මෘදු ගුණාංගද අපූරුවට අපට ඉදිරිපත් කර ඇ‌ත.
මෙහි සඳහන් කාරණා තවම වලංගුය.
ඇ‌නීටා පවසා සිටියාක් මෙන්
"මෙහි ලියා තිබෙන කාරණා ,මේ ලෝ‌කේ ඔනෑම අවුරුද්දක, ඔනෑම මාසයක, ඔනෑම දවසක, ඔනෑම ගැහැණියකට හරි මිනිහෙකුට හරි වෙන්න පුලුවන් දේවල් නං , දින සඳහන් කිරීමට ඇ‌වැසි නැත."

කැමෙලියා පො‌ත කියවා හමාර වූ විට , ඔබට උනුසුම් තේ කෝ‌ප්පයක් පානය කර අවසානයේදී දැනෙන තෘප්තිකර හැඟීමට අමතරව , තද තේ කහට පැල්ලමකුත් සිතේ ඉතිරි වීම අනිවාර්යය.
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
October 24, 2024
කැමිලියා - විරාජිනී තෙන්නකෝන් (2023)

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ වෙළඳ ආර්ථික භෝගයක් ලෙසට ආරම්භ වූ තේ වගාවත් එහි ප්‍රවර්ධනයට කැපවුණු ඉන්දියානු කම්කරු ප්‍රජාව සහ විදේශීය වැවිලිකරුවන් මුහුණදුන් අභියෝගයන් විස්තර කෙරෙන නවකතාවකි.

දකුණු ඉන්දියාවේ සිට ඉතා අඩු පහසුකම් සහිතව ලංකාවේ කඳුකරයට ගෙනෙන ලද කම්කරුවන් තමන් ගේ සුපුරුදු පරිසරය වෙනස්වීම සහ විඳීමට සිදුවූ දුක් පිඩා නිසා ඔවුන්ගේ අලුත් පරිසරයට සහ අන්‍යයන් හට සංවේදී නොවුහ. ඔවුන් සංවේදී වුයේ බය සහ බඩගින්නට පමණි. මෙම කම්කරුවන් ඔවුන් සේවය කරන වත්තටම සිරකර, මුලික අවශ්‍යතා අවම වශයෙන් ලබාදෙමින් වහලුන් ලෙසට ශ්‍රමය සුරාකෑමට ලක්වුහ.

මෙම නවකතාවේ ප්‍රධාන චරිතයක් වන ජෙෆ්රි ධනය බලය ලබාගැනීමේ උන්නතිකාමයෙන් පෙලෙන තම කම්කරුවන්ගෙන් කෘර ලෙස ශ්‍රමය සූරාකන බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති වැවිලිකරුවෙකි. ඔහුගේ බිරිඳ ඇනිටා කොළඹ හැදුන ප්‍රසිද්ධ හර්ද ශල්‍ය වයිද්‍යවරයකුගේ දියණියකි. ඇය කම්කරුවන්ගේ දුක්පීඩා පිළිඹඳව සංවේදනයක් ඇති තැනතිතියකි.

මෙම නවකතාව විස්තර කරනුයේ යටත්විජිත ක්‍රමයේ පරිහානිය සමග ඇතිවූ කම්කරු ව්‍යාපාර පිබිදීමත්, පාලකයන් සතුව තිබු අධිකාරි බලය ක්‍රමයෙන් ගිලිහි සාමන්‍ය ජනතාවට සහනදායි ජිවන ක්‍රමයකට හිමිවීමේ සිදුවීම් මාලාවකි.

වතු හිමියන්ගේ කෘර පාලනය, කම්කරුවන්ගේ දුක්ඛිත සහ බිහිසුණු අත්දැකීම් මනෝරුපිව විස්තර කිරීම සඳහා කතුවරිය ඉන්ද්‍රජාලික යථාර්ථවාදී සව්රුපයෙන් නවකතාව ඉදිරිපත් කර ඇත.

මෙය එකදිගට පහසුවෙන් කියවාගෙන යාහැකි, කියවනා හට කඳුකර සුන්දර තේ වත්තක ජීවත්වීමේ අත්දැකීම් ලබාදෙන නවකතාවකි.

කැමිලියා 2024 ස්වර්ණ පුස්තක සම්මානය දිනු නවකතාව සහ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමිකරගත් නවකතාවද වේ.
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
October 18, 2025
ශ්‍රේණිය: ***1/2

2023 වසරේ, රාජ්‍ය සාහිත්‍ය, විද්‍යෝදය, සහ ස්වර්ණ පුස්තක යන සම්මාන තුන ම ජයග්‍රහණය කරලීමට සමත් වූ, විරාජිණි තෙන්නකෝන් ගේ 'කැමෙලියා' නවකතාව කියවීමි. විරාජිනි මෑතක ම ප්‍රකාශ කල කෙටි කතා සංග්‍රහය, 'අන්ධයා සහ සුරුට්ටුව' කෙටි කතා එකතුවයි. ඇය එහි දී ඇගේ මීට පෙර සාහිත්‍ය නිර්මාණ වලට වඩා වෙනස් නිර්මාණ පසුබිමක් භාවිත කලා. හැකි තරම් කාලය-දීපය-දේශයෙන් විනිර්මුක්ත, තරමක අඳුරු, වැස්සක පෙර නිමිති රගැත් සවසක් පාඨකයාට සිහි ගන්වන පරිසරයක් එහි පසුබිම වූවා. කතුවරිය 'කැමෙලියා' හි දි, එම නිර්මාණ පසුබිම නවකතාවක ට වඩාත් සුදුසු අයුරින් සකසා ඇති සෙයකි. තව ද මෙම කෘතියට යම් අයුරක මායා යථාර්තවාදී රීතියක් පමණක් නොව, ඉසබෙල් ඉයන්ඩෙ - ගා

බ්‍රියෙල් ගාසියා මාකේස් වැනි ලේඛකයන්ගේ ඍජු ආභාෂයත්, එය ලිවිමේ ශෛලියට බල පෑ ඇති අයුරුත් පැහැදිලිය. නවකතාවේ ප්‍රධානත ම තේමාවක් වන්නේ ඉන්දීය සම්භවයක් ඇති ජනයා කම්කරුවන් වශයෙන් තේ වගාව ට තම ජීවිත වලින් ගෙවූ මිලයි. තවමත් ගෙවමින් ඉන්නා මිලයි. මේ මුඛ්‍ය කාරණාවත්, ජෙෆ්‍රි වැනි අකාරුණික වතු හිමි හාම්පුතුන් ද සිංහල සාහිත්‍ය ට එතරම් ඇස නොගැටුණු දිශානතින් ය.

මීට අමතරව, මෙම නවකතාවේ කිහිප තැනක, නවකතාවට ඍජු සම්බන්ධයක් නැති සිද්ධීන් මගින් සමාජයේ සමහර ප්‍රවනතා සඳහන් වේ. පුංචි මම්මා ගේ එක් සැමියෙකු, අයෙකු මියගිය විට වැන්දඹුවගේ ඉල්ලීම මත කෙරුනු රෝමාන්තික ඡායාරූප ගැනීම එවන් පරිධියේ කතවකි.

විරාජිනී මහත් පරීශ්‍රමයක් දරා, ඓතිහාසික කාරණා, යටත් විජිත සමයේ දේශපාලනය සුදුසු මට්ටමින් ගලපා, අත්භූත කමක් ද මුසු කර සිය නිර්මාණ ජීවිතයේ මෙතෙක් බිහි කර ඇති වඩාත් අභියෝගාත්මක කලා නිර්මාණය බිහි කිරීමට උත්සාහ දරා ඇති බව පැහැදිලි අතර, ඊට හිස නම ගෞරව කරමි. නවකතාවෙන් විරාජිනි බලාපොරොත්තු වූයේ කිනම් කාරණා මතුකරලීමට ද යන්න පැහැදිලි ය. ඒ පිළිබඳ සිංහල පාඨකයා නොදැන නොසිටි නමුත්, සාහිත්‍ය කෘතියක් ඔස්සේ එම සංවේදී කාරණා මතුකරලීම අනාගතයේ හෝ අප රට විදේශ විනිමය ගෙන ඒමට විශේෂ දායකත්වාක් එම ජන කොටස කෙරෙහි වඩා සංවේදී වීමට හේතු වනු ඇත. මෙම නවකතාව මා දුටුවේ කතුවරියගේ සමාජ දේශපාලන පණිවුඩයට යාත්‍රාවක් බිහිකරනු වස් ඉදිකෙරුනු රචනාවක් බවයි. බොහෝ රචනා සියුම් ලෙස යම් සමාජ දේශපාලන කාරණාවක් මතු කරලීමට ලියූ ඒවා මුත්, නිර්මාණ සාහිත්‍යයේ සාර්ථකත්වය මනිනු හැක්කේ, එම නිර්මාණය සමෝධානයේ සාර්ථකත්වය මතය. මෙම සමෝධානය සාර්ථක කරනු වස් ය, කතුවරිය ගුප්ත සිදුවීම, කෲර සිදුවීම්, එම කම්කරු ජනතාව ට නින්ද නොයෑම, සිනා සීමේ නොදත්කම ආදිය මතු කර ඇත්තේ. එම සියළු තැත් පාඨක අවදානයට ලක් වුව ද, අවසන් විග්‍රහයෙදී, නවකතාවක් ලෙස සමස්තය සැලකීමේදි මට නම් හැඟුණේ මෙය තරමක් ආයාසකාරී, පරීශ්‍රමයක් දරා ලියව���න්නක් ලෙසටය. නවකතාව පුරාවටම මෙය 'පිටු පෙරළවන සුළු' (page-turner) තත්වයකට පත් නොවේ. සමහර දීර්ඝ කොටස් නවකතාවට වෙසෙසින් යමක් එක්කාසු නොකරයි. පිටු 222 ක් ���න් කෙටි නවකතාවක් වුව, මට මෙය කියවීමේ උනන්දුවක් අවසන තෙක්ම වගා කරහත නොහැකි විය. අවසන සාපේක්ෂ වශයෙන් තිබුනාට යම් සතුටුදායක තැනක් එම කම්කරු ප්‍රජාව ට ලැබීමත්, ඊට ඇනීටා ගේ සම්මාදමත් නවකතාවට අවසන් පිටු කිහිපයේදී එතෙක් නොතිබූ රසවත් බවක් ගෙන ආ බවය, අපගේ හැඟිම. මෙය බහුතර පාඨක ප්‍රජාවගේ ආස්ථානය නොවූ නිසා, එය පුද්ගලානුබද්ධ රසය පිළිබඳ ගැටළුවක් ද විය හැක.

2023 වර්ශයේ නවකතා මෙතෙක් මා කියවා ඇත්තේ හතරක් පමණි ( තිවංක කතාව, ද්‍රෝහි, සිල්වර් ටිප්ස් අනෙක්වා ය). මේ සිව් නවකතාවන් කෙරෙහි මගේ එතරම් කැමැත්තක් නැති මුත්, සාපේක්ෂව කැමෙලියා ඉදිරියෙන් සිටී ( තව නවකතා 8ක් පමණ කියවීම ඉතිරිව ඇත). එහෙත් මා බලාපොරොත්තු වූයේ සම්මාන තුනක් දිනූ නවකතාවක් කෙරෙහි මීට වඩා ප්‍රසාදයක් මා කෙරෙහි උපදිනු ඇති බවටය.
Profile Image for Janitha Deshapriya .
13 reviews
October 7, 2024
ඇත්තටම කවරයේ තේ කොල වල තිබුණු රත්තරන් දිලිසුම් ගතිය කතාවේ තිබුනද?
නෑ...
කවරයේ තේ කොලවල තිබුණු දිලිසුම පිටු අතර තිබුනු කතාවේ තේ කොලවල තිබුනේ නෑ.
දුක විරහාව රුධිරය මරණය පීඩනය වෛරය ආදී නොයකුත් කළු තිත්ත රසවලින් පිරිච්ච කතාවක් තමයි මම කැමේලියා පිටු අතර කියෙව්වේ.
කළු පොඩි දමිල කෙල්ලන් මූන් මෙල්ට් වතුයායේ අමු අමුවේ දූෂණය වීම්. බල්ලන් මරණයට පත් වීම්. අමු අමුවේ හදවත් ගලවා අතට ගැනීම් ආදි එකී මෙකී නොකී සිද්ධීන් කිහිපයකින්ම මේ කතාවේ හැඩය මට වෙනස්ම අයුරින් දනවා තිබුණා.
ධනපති පාන්තිකයන්ගේ සේම නිර්ධන පාන්තිකයන්ගේ එන එක් එක් චරිත මඟින් මිනිසුන්ගේ චරිතයන් හි ස්වභායන් හා සිත් හි ඇති විසමභාය මැනවින් කතාව පුරාවටම ගොඩනගා තිබුණා.
මේ කතාව ආරම්භ වුනේ ගැල් කරුවන්ගේ ප්‍රථම අරගලයෙන්. අවසාන් වුනේ වතු කම්කරුවන්ගේ ප්‍රථම අරගලයකින්. විශේෂත්වය වන්නේ මේ වතු කම්කරුවන්ගේ කළු තිත්ත පීඩිත ජීවිතය ගැන ලියවිලා තියෙන්නේ ධනපති පන්තියේ වේදිකාවේ ඉදන්.
ඒක හරි ලස්සනයි...
ඔව්.. ඇනීටා.. ඇය වීරවරියක්. ඇය ඒ කම්කරුවන්ගේ හඬ විතරක් නෙමේ ඒ කම්කරුවන්ගේ ආත්ම වල දැල්වෙන පහනෙහි තෙල් බිඳ.
ඇස් පොඩි කරන් කියෙව්ව කතාවේ ඇස් ගෙඩි ලොකු වුණු අවස්ථා කිහිපයක්ම තිබුණා.
අප්පන්ගේ චරිතයේ හෙලිදරව්ව, කළු කෙල්ලාගේ මරණය හා ඒ මතින් දළු ලා විසල් වූ වෘක්ෂය ආදි බොහෝ තැන් වල විස්මය පල වුණු රස බර තැන්.
ඉතිං සිලොන් හී තේ කොල පොතේ කවරයේ හී මෙන් ලෝකයේ දිලිසුම් දෙන්නේ පොතේ පිටු අතර ඇති අඳුරු පීඩිත ලේවැගිරිම් තුලින් කළු සුදු මිනිසුන් කල කැපකිරීම් තුලින් නොවේද.
1906 සිට 1960 දක්වා ලියැවෙන වීර කාව්‍යයක් බඳුය "කැමෙලියා"
Profile Image for Dilma Jayathissa.
4 reviews
December 22, 2025
විරාජිනී තෙන්නකෝන් යනු වර්තමාන සිංහල සාහිත්‍යයේ තමාටම ආවේණික වූ රිද්මයක් සහ ශෛලියක් ගොඩනගාගත් ලේඛිකාවකි. ඇයගේ "කැමිලියා" නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබූ කෘතියක් වන බැවින්, ඕනෑම පාඨකයෙකු මෙම පොත අතට ගන්නේ ඉතා ඉහළ අපේක්ෂාවන් සහිතවය.

විරාජිනීගේ ලිවීමේ රටාව තුළ ඇත්තේ ඉතා ආකර්ෂණීය බවකි. ඇය වචන හසුරුවන ආකාරය රසවත් වුවද, ඇතැම් තැන්වලදී එම රටාව කියවීමට තරමක් අපහසු සහ සංකීර්ණ ස්වභාවයක් ගන්නා බව නොකියාම බැරිය. කතාවේ මුල් භාගය ඉතාම උද්යෝගිමත් ලෙස ගලා යන අතර පාඨකයා කතාව තුළ රඳවා තබා ගැනීමට ලේඛිකාව එහිදී සමත් වී ඇත. නමුත් කතාව ඉදිරියට යත්ම, එහි වේගය අඩාල වී මන්දගාමී ස්වභාවයක් ගන්නා බවත්, සිදුවීම් ප්‍රවාහය තරමක් ඒකාකාරී වන බවත් මට හැඟුණි.චරිත නිරූපණය දෙස බැලීමේදී, ජෙෆ්රිගේ චරිතය පිළිබඳව මට ඇත්තේ විවේචනාත්මක බැල්මකි. කතුවරිය ජෙෆ්රිගේ චරිතයට සාධාරණයක් ඉටු කර ඇති බවක් මට පෙනෙන්නට නැත. ඔහුගේ පැත්තෙන් කතාව දෙස බැලීමට හෝ ඔහුගේ චරිතයේ ගැඹුර ස්පර්ශ කිරීමට මීට වඩා අවස්ථාවක් තිබූ බව මගේ විශ්වාසයයි. සමස්තයක් ලෙස ගත් කල, මෙම කෘතිය ස්ත්‍රීවාදී ප්‍රවේශයක් ගන්නා බවක් පෙනෙන්නට තිබේ. එය කාන්තාවකගේ අභ්‍යන්තර ලෝකය සහ ඇයගේ පර්යාලෝකය මතු කිරීමට දරන උත්සාහය කැපී පෙනෙන්නකි. කතාවේ අන්තර්ගතය හොඳ මට්ටමක පැවතියද, එය ඉතාමත් ආකර්ෂණීය ගණයේ එකක් ලෙස හැඳින්විය නොහැකිය. විශේෂයෙන්ම සම්මානනීය පොතක් ලෙස මම මීට වඩා යමක් "කැමිලියා" තුළින් බලාපොරොත්තු වූයෙමි.
Profile Image for Thilina.
11 reviews
August 10, 2025
Really good book. Story starts in british era in ceylon when tea estates were introduced to srilanka. This book discusses the injustice and poor living conditions of tamil workers in tea estates through a story about a highclass srilankan family who owns a tea estate . Story has plot twists and very sensitive parts which makes it a very good read
Displaying 1 - 10 of 10 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.