Jump to ratings and reviews
Rate this book

රතු රෝස මල

Rate this book

196 pages, Paperback

First published January 1, 2009

Loading...
Loading...

About the author

Gunadasa Amarasekara

51 books28 followers
ගුණදාස අමරසේකර (Sinhala)

ගුණදාස අමරසේකර ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ට සිංහල නවකතාකරුවෙකි; කෙටිකතාකරුවෙකි; කවියෙකි; විචාරකයෙකි; චින්තකයෙකි. ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප‍්‍රදේශයේ ගුරු නිවසේ 1929 නොවැම්බර් 12 වැනි දා උපත ලැබී ය. අමරසේකරගේ මව පාසැල් ගුරුවරියකි. පියා සිංහල වෙද මහතෙකි. ගාල්ල මහින්ද සහ නොළඹ නාලන්දා යන විද්‍යාලවලින් මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබීය. ලංකා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන අමරසේකර වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. සිය සාහිත්‍ය සේවාව උදෙසා ආචාර්යඋපාධියෙන් පුද ලැබුවෙකි.

අමරසේකර නූතන ලාංකීය සාහිත්‍යයේ බොහෝ අවදානයට ලක් වූ පේරාදෙණි ගුරුකුලයේ සමාරම්භකයෙකි. සිය නිර්මාණවල වස්තු විෂය සහ ලේඛන ශෛලිය නිසා හෙතෙම සාහිත්‍ය ලෝකයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් විය. පසුකාලීනව ගන්ධබ්බ ආපදානය වැනි කෘති මඟින් සිය මුල් නිර්මාණ සහ සාහිත්‍ය දර්ශනය පිළිබඳ ස්වයං විවේචනයක නිරත වූ අමරසේකර නව දැක්මකින් නිර්මාණකරණයට පිවිසිණි.

1970 න් පසු ඔහු සමාජ සංස්කෘතික සහ දේශපාලනික විවේචනයන්ට යොමු විය. 1980 සිට වර්තමානය දක්වා සිංහල විද්වත් සංවාදය තුළ ආධිපත්‍යය දරන ජාතික චින්ත සතවාදය නිර්මාණය කිරීමට නලින්ද සිල්වා සමග ගුණදාස අමරසේකරද පුරෝගාමී විය.

කෝට්ටේ යුගයෙන් පසු ක්‍රමයෙන් පරිහානියට පත් සිංහල කවිය නැවත සම්ප්‍රදාය සිය සම්ප්‍රදාය මත පිහිටුවීමෙහිලා අමරසේකර මූලික විය. 18 මත් සිව්පදයට සිර වූ ජනප්‍රිය කොළඹ කවිය මෙන් ම ඊට විකල්පයක් ලෙස ගෙන ආ නිසඳැස් කවිය ද ප්‍රතික්ෂේප කළ ඔහු සිංහල කවියේ අක්මුල් සොයා ගියේ ය. ඡන්දසින් විනිර්මුක්තව සිංහලෙන් කවි ලිවිය නොහැකි බව අවධාරණය කළ අමරසේකර වස්තු විෂයට අනුකූල විවිධ විරිත් ඔස්සේ සදාතනික පද්‍ය නිර්මාණ ගොන්නක් නිර්මාණය කළේ ය.

සිංහල සාහිත්‍යය විෂයයෙහි අමරසේකරගේ සම්ප්‍රදානයට බුහුමන් ලෙස 2008 නොවැම්බර් මස සිට 2009 නොවැම්බර් දක්වා අමරසේකර ප්‍රත්‍යාවලෝකණ වසර ලෙස නම් කර තිබේ.

වසර 2009 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
16 (48%)
4 stars
10 (30%)
3 stars
3 (9%)
2 stars
1 (3%)
1 star
3 (9%)
Displaying 1 - 7 of 7 reviews
Profile Image for Fabian de Alwis Gunasekare.
79 reviews4 followers
October 3, 2020
මේ වූ කලී අමරසේකරයින්ගේ පළමුවැනි කෙටි කතා සංග්‍රහයයි. පාසල් කාලයේදී මෙම පොතේ හි ඇති බොහෝ කෙටි කතා සිංහල පෙළ පොතෙහි හමුවීමෙන් පසුව ("බයිසිකලය", "අවුරුදු සිහිනය") පුස්තකාලයෙන් සොයා ඉතා අසාවෙන් කියවූ බව මතකය. එම කාලයේදී වූ සිතුවිලි හෝ වෙනයම් හේතු නිසා මෙහි ඇති "තරුණ ශිෂ්‍යයා" කෙටි කතාව විශේෂයින් සිත් බැඳගත් අතර එය ඉංග්‍රීසි බසින් "The Young Student" ලෙස පරිවර්තනය කොට මුහුණු පොතෙහි පවා පලකලමි.

ඉන් වසර 12කට පමණ පසුව නැවත "රතු රෝස මල" කියවීමට ගත කල මට විශේෂයෙන් දැනුනේ කතා ලියවී ඇති භාෂාව සහ ඊටත් වඩා එම කතා උත්තේජනය කරන හැඟීම් ය. කෙටි කතාවන් විශේෂයින් චරිතය හෝ පුද්ගලයාට වඩා සිදුවීම් විස්තර කලද, මෙහි වූ කෙටිකතාවන්හි අවස්ථාවට වඩා පරිසරය, පසුඹිම හෝ චිත්ත ස්වරුපය පිළිබඳව කෙරෙන විස්තරයෙන් පාඨකයා තුල ත්‍රීව්‍ර ලෙස හැඟීම් ජනනය කරයි. මෙම එළැඹුම වෙනස් වී ඇති බවට තේරෙන්නේ මිට පසුව ලියන ලද කෘති හා සංසන්දනය කල විටය (මා දැනට කියවා ඇත්තේ "කතා පහක්" කෙටි-දිගු කතා සංග්‍රහය පමණි). පසුකාලීනව අමරසේකර විසින් රචිත කෘති මෙන් නොව මෙහි දේශපාලනික හෝ සංස්කෘතික හෝ පන්ති වෙනස හුවා දැක්වීමක් මෙහි මතුපිටින් නොමැත. "ජිවන සුවඳ" කෘතිය මගින් මේ පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකි වේ යැයි සිතමි.
Profile Image for Buddhika.
9 reviews
July 17, 2022
පාසල් පෙළ පොතේ තිබූ බයිසිකලය කෙටි කතාව නැවත කියවීමෙ අශාව නිසාවෙන් කියවූ මෙම කටි කතා සංග්‍රහය සිංහල කෙටි කතාවට ඇලුම් කරන ඕනෑම පාඨකයෙකුට සුදුසුවේ.
Displaying 1 - 7 of 7 reviews