Jump to ratings and reviews
Rate this book

කිරුළක උරුමය

Rate this book
'මනුෂ්‍යත්වය සහ ආදරය' වෙනුවෙන් පිදුණු 'එකෝමත් එක කාලයක'ට පසුව 'වීරත්වය හා සහෝදරත්වය' වෙනුවෙන් පිදුණු 'කිරුළක උරුමය'...

මෙම වසරේ මැයි මාසයේදී සරසවි ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වුණු 'කිරුළක උරුමය' මාගේ ස්වතන්ත්‍ර ෆැන්ටසි නවකතා මාලාව වන ස්වර්ණ දේශයේ වීර කතා මාලාවේ දෙවැනි කෘතියයි. 2018 වසරේදී පළ වුණු 'එකෝමත් එක කාලයක' නවකතාවේදී ඔබට හමු වූ මනඃකල්පිත රාජධානි හරහා පිය නගන්නට මෙම පිටු 246 පුරා නැවතත් ඔබට අවස්ථාවක් ලැබෙනු ඇත. මෙහිදී ඔබට මග පෙන්වන්නට සිතියමක් ද ඇතුළත් කොට ඇති බව මා පවසන්නේ පොරොන්දුවක් ඉටු කරන්නට ලැබීම පිළිබඳ පහන් වූ හැඟුමෙනි.

දහසය හැවිරිදි ඉසෙල් කුමරිය ෆැසිනෝවෙල් දේශයේ නැසී ගිය නිකරස් හෙමිංස්ටර් රජුගේත්, එහි වත්මන් පාලිකාව වන ලිලියානා රැජිණගේත් එකම දියණියයි. ක්ලෙමිංටන් දේශයේ වසනා වික්ටර් නෙවාඩෝ ඔවුනට සිටිනා සමීපතම ඥාතිවරයායි. සංචාරයක් උදෙසා ක්ලෙමිංටන් දේශය වෙත පැමිණි ඉසෙල් කුමරියගේත් ඇගේ මව් රැජිණගේත් ඉරණම කෙසේ වෙනස් වේ ද?

ජේම්සන් කැරෝන්, ක්ලෙමිංටන් දේශයේ වසනා සිත්තරෙකි. අඳුරු අතීතයකින් සැඟවෙන්නට සිය නිජ භූමියෙන් පිටමංව ආ තැනැත්තෙකි. නොසිතූ මොහොතක ඔහුගේ උර මත පැටැවෙන වගකීම කුමක්ද? ඔහුට එම වගකීම ඉටු කරන්නට හැකි වනු ඇත්ද? ස්වර්ණ දේශයේ දකුණු දිග ඈත කෙළවරේ ආර්මඩේල් රාජධානියෙහි ඔහුට ඇති රාජකාරිය කුමක්ද?

මෙම කතාන්දරය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට මාරු වෙමින් ඔබ වෙත ගෙන එන්නේ ඉසෙල් සහ ජේම්සන් ය. එක් පරිච්ඡේදයකින් හිතුවක්කාර රජ කුමරියකගේ දරදඬු සිතුවිලිවලින්ද, ළඳ බොළඳ යෞවනියකගේ මායාවී සිතුවිලිවලින්ද ඉසෙල් ඔබගේ සිත පුරවාලන අතරේ, ඊළඟ පරිච්ඡේදයේදී ජේම්සන් පැමිණ ඔබගේ සිත ඔහුගේ ගුප්ත, ගැඹුරු, විලම්බීත සිතුවිලිවලින් පුරවාලනු ඇත. ඒ සියල්ල අවසානයේ කතාන්දරය නිමා කරලන්නට 'චාලි' පැමිණෙනු ඇත. ඔහු කවුරුන්දැයි හඳුනාගන්නට ඔබට කතාන්දරය කියවන්නටම සිදුවනු ඇත.

***

රජ කිරුළේ බර අත් හැර දමා නිදහසේ ජීවිතය විඳින්නට දුරු රටකට පලා යාමට කුඩා කල පටන් වූ නොතිත් ආශාව ඈ මැඩගෙන සිටියේ තම පිය රජුගේ කිරුළේ උරුමය රැඳී ඇත්තේ තමා අත බව ඈ දැන සිටි නිසා ය; තමා එය අත් හැර දැමුවහොත් එය ඩැහැගැනීමට ෆැසිනෝවෙල් රාජ්‍යයට කිසිදු ආදරයක් නොදක්වන ඕනෑ තරම් උදවිය සිටිනා බව ඈ දැන සිටි නිසාය; එවන් දෙයක් සිදු වුවහොත් රාජධානිය අනතුරේ හෙළීම පිළිබඳ අපවාදය තම අසරණ මව වෙත එල්ල වන බව ඈ දැන සිටි නිසාය.
නමුත් ඉඳහිට ඒ සඟවාගත් ආශාවට පියාපත් විහිදා ඉගිලෙන්නට ඇය ඉඩ දුන්නාය. හෝරා කිහිපයකට හෝ රජ කුමරියගේ භූමිකාවෙන් පලා ගොස් රටතොට දැකගැනීමට ඈ කල්පනා කළේ එබැවිනි.
(10 පිටුව )

***

දෙවරක් නොසිතාම ජේම්සන් වහා ක්‍රියාත්මක විය. සටන්කරුවන් තිදෙනාම විමතියට පත් කරමින් ඔවුන් මධ්‍යයට අසු මෙහෙයවූ ජේම්සන් ඒ ආසන්නයේම වැටී සිටි ෆැසිනෝවෙල් නිලධාරියා අසළින් බිමට පැන ඔහුගේ ඉණ රැඳි අසිපත ඇදගත්තේය. යළිත් සටන ඇරඹිනි. රැජිණ හා කුමරියට කුමක් වී දැයි සිතමින් ජේම්සන් සටන් කළේය. අසිපත ඔහුගේ සුරතට ආගන්තුක වූවක් නොවීය. කලෙකින් පුහුණුවක් ලැබ නොතිබුණද, ඔහුට එය එතරම් ගැටළුවක් වූයේ නැත. ටොමේරස් නිලධාරීවරයා තුවාළ ලබනු දුටු ජේම්සන් ඔහුට සටනින් ඉවත් වන ලෙස කෑ ගසා කීවේය. ඔහු ප්‍රතිවාදීන් දෙදෙනාම සමග සටනට පිවිසියේය. නොබෝ වේලාවකින්ම එක් අයෙකුට මාරාන්තික පහරක් එල්ල කරන්නට සමත් වූ ඔහු දෙවැන්නා ටොමේරස් නිලධාරියා සහ අස් රිය වෙතින් හැකිතාක් ඈත් කරමින් සටන් කළේය. වේගයෙන් ළඟා වන අස් කුර හඬක් කන වැකෙන්නට වූයේ ඒ අතර ය. හඬ එන දිශාවට පිටු පා සිටි ජේම්සන් හට ඒ පැමිණෙන්නේ සතුරන් ද මිතුරන් ද යන්න සිතාගත නොහැකි විය.
(57 පිටුව )

***

මාගේ ආදරණීය හිතවතුනි, 'එකෝමත් එක කාලයක' ආදරයෙන් වැළඳගත් ඔබ සැම වෙත මාගේ මේ ආදරණීය ඇරයුම 'කිරුළක උරුමය' හඹා යන එම වික්‍රමාන්විත ගමනට එක් වන ලෙසටයි. ගමන අවසානයේ ඒ ගැන ඔබට දැනෙන හැඟෙන දේ මා හා බෙදාගන්නා ලෙසටයි... ❤

කිරුළක උරුමය - ස්වර්ණ දේශයේ වීර කතා මාලාවේ දෙවැන්න
සරසවි ප්‍රකාශනයකි
ප්‍රථම මුද්‍රණය - 2023 මැයි
මිළ රු. 1250/-

246 pages

Published May 1, 2023

About the author

Muditha Lakmini Vandebona

5 books28 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
No one has reviewed this book yet.

Can't find what you're looking for?

Get help and learn more about the design.