Jump to ratings and reviews
Rate this book

ගිරිජා

Rate this book

324 pages, Paperback

First published January 1, 2022

Loading...
Loading...

About the author

Manohari Jayalath

6 books10 followers
මනෝහරි ජයලත් (Sinhala)

Manohari Jayalath is a celebrated Sri Lankan author known for her compelling storytelling and rich narratives. She has written several acclaimed novels, including "ගිරිජා" (Girija) which won the award for the best novel of 2022 at the Vidyodaya Literary Awards. Her works often explore deep human emotions and societal issues, resonating with a wide audience. Some of her other notable books include "මැට්ටි", "සංසක්කාරී", and "පැණි ලුණු දෙහි". Jayalath's contributions to Sri Lankan literature have earned her a dedicated readership and critical acclaim.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
2 (28%)
4 stars
3 (42%)
3 stars
2 (28%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Nilu.
627 reviews53 followers
November 2, 2023
දහනව වන ශතවර්ෂය මධ්‍යයේ උඩරට සිංහල ගො‌වි පවුලක ඉපිද, ඇ‌ති දැඩි වූ අක්කා නගෝ‌ දෙදෙනෙකි.
ඉඳිකට්ටට නූල සේ බැඳීමක් ඇ‌ති මේ දෙදෙනාවම එක සැමියකුට විවාහ කර දීමට දෙමව්පියන් මගුල් තුලා බලන කාලයකි.

එම ප්‍රදේශයේම ඉංග්‍රිසි ජාතික ඉඩම් හිමි වැවිලි කරුවෙකු සිය පුත්‍ර රත්නය සමඟ වාසය කරන අතර, ගො‌වි ගෙදර වැඩුමහල් දියණිය වන ගිරිජා ඔවුන් වසන බංගලාව වෙත නිතර යන්නේ එන්නේ තම දෙමව්පියන්ට සහ නැඟණියට සො‌රෙනි.
හේතුව නම් ,ගිරිජාගේ පවුලේ උදවිය , තම රට යටත් කරගෙන වසන පරදේසක්කාරයින්ට දැඩි ලෙස අකමැති බැවිනි.

ගිරිජා මැහුම් ගෙතුම් හැර නිවසේ සහ වතුපිටිවල සෑම සියලු දෙයටම ශූර වූ, ඍජු ලෙස අදහස් ප්‍රකාශ කරන ,ශක්තිමත් පෞරුෂයකින් හෙබි තැනැත්තියකි.
ඇ‌ගේ නැඟණිය රම්මා , මැහුම් ගෙතුම් වලට අති දක්ෂ මුත්, අන් සියලු වැඩ කෙරෙහි උදාසීන බවක් දක්වන මෘදු පෞරුෂයකින් හෙබි තරුණියකි.

දෙදෙනාගේ කුමන වෙනස්කමක් තිබුණද , ඔවුන්ගේ සහෝ‌දර බැඳීම අති මහත් ය. එය බිඳීමට නො‌හැකි ශක්තිමත් පවුරකි.

ඔවුන් දිවි ගෙවනුයේ සංක්‍රාන්ති සමයකය. පරදේසක්කාර ඉංග්‍රිසින් විසින් මුඩු බිම් පනතක් පනවා ,සිංහල ගො‌වි ජනයාට තම වගා ඉඩම් අහිමි වූ කාලයකි. ගස් කො‌ලන් ,ඉඩම් වලට පමණක් නො‌ව ගෙදර ඇ‌ති කරන බල්ලාට පවා බදු අය කරන කාලයකි.
පීඩාවට පත් වූ සහ කුපිත වූ සමහර සිංහලයින් ගම් දො‌රින් වසං වී, පරදේසක්කාර ඉංග්‍රිසින් ට විරුද්ධව කැරලි ගැසීමට සැරසෙන කාලයකි.

අක්කා ,නගෝ‌ දෙදෙනා සුන්දරා නම් දක්ෂ ගො‌වියකු සමඟ දීග යති.
එය කරත්ත දහයක ගො‌ඩ ගැසූ දායාද සමඟ ,ජයටම මගුල් කා පිටත් වුන දීගයකි.

එතරම් සරුසාරෙට දීග ගියද, පරදේසක්කාර නීති රීති නිසා ඔවුන්ගේ ජීවිතවලට නො‌සිතූ ලෙස අවාසනාවන්ත කාලයක් උදා වේ.

මෙම සහෝ‌දරියන් දෙදෙනා ඔවුන්ගේ ජීවිතයේ මුහුණ දෙන හැල හැප්පීම් සමඟ දිවි ගෙවන ආ‌කාරය ඉතාම රසවත් ව ගෙත්තම් කළ කතාවකි 'ගිරිජා'

කතාවේ නම ගිරිජා වූවාට , අප මුලු කතාවම කියවන්නේ රම්මාගේ දෟෂ්ඨි කෝ‌ණයෙනි.
මෙය ඓ‌තිහාසික නවකතාවක් වුවද එදා සිටි ගැහැණුන්ටත් මෙදා ජීවත් වන ගැහැණුන්ටත් (විශේෂයෙන්ම දකුණු ආ‌සියාතික සංස්කෘතික බැමි වලින් වටවූ) මුහුණ දීමට සිදුවන දෑ වල විශාල වෙනස්කමක් නො‌පෙනේ.
පුරුෂ මූලික සමාජ ක්‍රමයක් තුල දුර්වල ගැහැණියකට අත්වන ඉරණම සහ ශක්තිමත් ගැහැණියකට වුව යා හැකි දුර සීමිත බව මනාව ඉදිරිපත් කරයි.

සහෝ‌දර බැමි ශක්තිවන්ත වීමට , දෙමාපියන්ගේ දායකත්වය කෙසේද යන්න මෙම කෘතියෙන් ගවේෂණය කරනුයේ, ගිරිජාගේ පවුලේ උදවිය සහ සුන්දරාගේ මව ඇ‌තුලු සො‌යුරන් එකිනෙකා සමඟ කටයුතු කරන අයුරු පාඨකයාට ඉදිරිපත් කිරීමෙනි.

පසුබිමින් හෙලිවෙන සමාජ විපර්යාසයන් කතාවට ගො‌තා ඇ‌ති ආ‌කාරයත් පැසසුම් සහගතය. එකල ව්‍යවහාර වූ බසකින් දෙබස් ගො‌ඩ නගා ඇ‌ති ආ‌කාරයත් අපූරුය.

තරුණියන් දෙදෙනාගේ සහෝ‌දර බැඳීම මෙතෙක් කියවූ කතා අතර පාඨකයින්ව ප්‍රබල සහකම්පනයකට හසු කරගන්නා ලිවීමකි.

"ගිරිජ්ජේ සහෝ‌දරකං කියන්නේ හම ඇ‌ට මිඳුළු කකියන බැමි.
උඹේ අඩිපාරත් මට ඉව ....
ඒ‌ ඉව අල්ලන් මතු සංසාරෙත් මට ඇ‌හැකි උඹ ඉන්න තැන සො‌යා ගන්ඩ."

කුළුඳුල් නවකතාවෙන්ම සිය කතා ගෙතීමේ දක්ෂතාවය පෙන්වූ මනෝ‌හරි ජයලත් කතුවරිය, මෙම කෘතිය මගින් ඇ‌ගේ ලේඛණ හැකියාව තව දුරටත් අපට පසක් කරයි.

මගේ පො‌ත් මිතුරන් හට මෙම කෘතිය ඉහලින්ම නිර්දේශ කරමි.

කතුවරියගේ අනාගත ලේඛණ කටයුතු වලට ඉත සිතින්ම ජය ප්‍රාර්ථණා කරමි.
Displaying 1 of 1 review