Jump to ratings and reviews
Rate this book

ගොලු හදවත

Rate this book

Mass Market Paperback

First published January 1, 1960

22 people are currently reading
319 people want to read

About the author

Karunasena Jayalath

16 books34 followers
කරුණාසේන ජයලත් (Sinhala)

Karunasena Jayalath (10 January 1928 – 25 August 1994) was a Sri Lankan newspaper editor and novelist who is known for his works in Sinhala literature.
He joined a school in his village Kumbuke in 1933 and in 1944 he joined Taxila Central College, Horana where he completed both his primary and secondary education. He joined the Lankadeepa newspaper agency as an editor and he was promoted as a deputy editor of the newspaper in 1961.

He also started writing novels after dropping out of newspaper industry and became popular with his first novel Golu Hadawatha which is about a romantic love story between two school going students in a mixed school. The novel received critical reception and also won the State Literary Award for the best novel category. His novel Golu Hadawatha was also adopted as a film by veteran filmmaker Lester James Peiris in 1968 with the same title and the film was opened to positive reviews from critics and became a landmark film in Sri Lankan cinema. His other notable works include Muwa Dadayama, Bamba Ketu Heti, Gehenu Lamai, Lassana Ess and Ridee Nimnaya.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
42 (52%)
4 stars
18 (22%)
3 stars
12 (15%)
2 stars
5 (6%)
1 star
3 (3%)
Displaying 1 - 6 of 6 reviews
Profile Image for Nanda Wanninayaka.
91 reviews23 followers
September 1, 2014
මට ගොළු හදවත කියවන්න ලැබුණේ හිරිමල් නව යොවුන් වයසේදීය. ඒ වනවිට ආදරය රස විඳ නොතිබුණත් ගොළු හදවත පොතෙන් ආදරය උපරිමය රස විඳීමි. පිරිසිදු නව යොවුන් ප්‍රේමයේ අසිරිය ගැන මේ තරම් හැඟීම් බර කතාවක් සිංහලෙන් තබා වෙනත් භාෂාවකින්වත් ලියා ඇද්දැයි මට නම් සැක සහිතය. ගොළු හදවත ඒ තරමටම නිර්ව්‍යාජය. යොවුන් හදවත් දෙකක් ප්‍රේමයෙන් බැඳුණ පසු ඇතිවන හැඟීම්වල සුන්දර වෙනසත්, බලාපොරොත්තු කඩවූ පසු ඇතිවන විඳිය නොහැකි දුකත් රචකයා මැනවින් පාඨකයා තුළ චිත්‍රණය කරයි. ගොළු හදවත කියවා කඳුළු නොනැගුණු යොවුන් දෑසක් ඇත්නම් ඒ රොබෝවරයකුගේ දෑසක්ම වන්නේය. මේ තරම් පාඨකයාට සමීප වීමටනම් මෙය නවකතාකරුගේ ජීවන අත්දැකීමක්ම බව බොහෝ පාඨකයන්ගේ මතයයි.

මෙවන් සුන්දර ගද්‍ය කාව්‍යක් බොළඳ පෙම් කතා යැයි එකල සිටි පණ්ඩිතයන් විසින් බැහැර කිරීම තේරුම් ගත හැකිය. මෙය බොහෝ ජනප්‍රිය කලා අංගවලට පොදු ධර්මතාවයකි. එය සර්වකාලීන අත් වැරැද්දකි.

මගේ පුද්ගලික මතයනම් ජයලතුන් “බඹා කෙටූ හැටි” නොලියා සිටියානම් වඩා හොඳ බවය. ගොළු හදවත නියම තැනින් ආරම්භ වී නියම තැනින් අවසාන විය. එයට පසු වදන් ඇවැසි නැත. ගොළු හදවතේ නියම සුන්දරත්වය රැඳෙන්නේ එහි ඇති අතිශයින්ම ප්‍රායෝගික අවසානයත් සමගය. රොමියෝ ජුලියට් නාට්‍යයේ දෙවන කොටසක් පැමිණියේනම් හානිය සිදුවන්නේ පළමු නාට්‍යටය.
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 30, 2022
ගොළු හදවත - කරුණාසේන ජයලත් - 1962
බඹා කෙටු හෑටි - කරුණාසේන ජයලත් - 1964

මිශ්‍ර පාසෑලක වයස 15-16 පමනවු සුගත් සහ දම්මි අතර ඈතිවු ප්‍රථම ප්‍රේමය සහ එය බිඳ වෑටීමෙන් ඈතිවු සෝචනීය තත්වය බීමතින් මඟ හරවා ගෑනීමට උත්සාහ දරන පරාජිත ප්‍රේම වන්තයකුගේ කතාව රටේ තරුන පිරිසේ බහුතරයක ආකර්ශනය දිනා ගත්තේය.

කරුණාසේන ජයලත් 1945 දී පමන යුරෝපයෙන් බිහිවූ රොමෑන්තික දර්ශනයේ අන්ගයන් වන අතිශයෝක්තියෙන් විස්තරකෙරෙන පරාජිත ප්‍රේමය සහ එහි ශෝක රසය, පරිසර වර්නනාව ආභාශයට ගෙන ඈත.

මෙම නවකතාවන් ලියවී දශක 5 පමන ගතවී ඈතත් එම කාලය පුරා දස වරකටත් වෑඩියෙන් නෑවත මුද්‍රනයන් නිකුත්වීමෙන් අදහස් වන්නේ එයට ඈති අඛන්ඩ පාථක ආකර්ශනයයි.

කෙසේ වෙතත් 1960 දශකයට සාපේක්ශව සාමාජීය සහ ආර්ථික තත්වයන් වෙන්ස්වී ඈත, තරුණ පිරිසේ ගතිගුන, වටිනාකම් වෙනස්වී ඈත. 1977 පසුව හඳුන්වා දුන් විවුර්ථ ආර්ථික ක්‍රමය ජනතාව අධිවේගවූ තරඟකාරී ජීවන රටාවකට හුරු කරන ලද්දේය. එම පරිසරයේ අවන්ක, නිරාමිස ආදරයකට ඉඩ ප්‍රස්ථාවන් සීමිතවේ. ඒබෑවින් නූතන සමාජයේ තරුණ පිරිසට මෙම පොත් ද්විත්වය කියවීමෙන් එහි මුල් පාථකයන් ලෑබූ ආශ්වාදය ලෑබේද යන්න ප්‍රශ්නාර්ථයකි.

නවකතා කරුවාට අනුව තරුණ පිරිසේ බහුතරය තම ප්‍රේමය පූජණීය තත්වයෙන් සලකන්නෝ වෙති ඔවුන් ස්ත්‍රි ලෝලීන් නොවෙති. ප්‍රථම ප්‍රේමය බිඳුන තරුණයා බේබද්දකුවී තම අනාගතය විනාශ කරගෑනීම සමාව දියහෑකි සුන්දර වරදකි. 1917 සරච්චන්ද්‍ර චට්ටොද්පාය විසින් රචිත දේව්දාස් හී වන්ශවතෙකු වූ කතානායකයා තම ප්‍රතම ප්‍රේමය අහිමිවීම නිසා සදාකාලික බේබද්දකු වූයේය නමුත් ඔහු ස්ත්‍රි ලෝලියකු නොවුයේය.

මෙහි කතාව සහ චරිත ගති පෑවතුම් ඉතා සරලය. ප්‍රථම ප්‍රේමය බිඳ වෑටීමෙන් පසු සුගත් හට වසර 5-6 පමන රෑකියාවක් නොකර හෝටලයක නෑවතී විස්කි බොමින් කාලය ගත කිරීමට අග හිඟ නෑතිව මූල්ය පහසුලම් සහෝදරයා වන සරත් විසින් සලසන ලද්දේය. ඔවුන් සතු අක්කර 100 පමණ වූ තේ වත්ත පාලනය කරන ලද්දේ කොන්දොස්තර කෙනෙකු විසින්ය සරත් පූර්න කාලීනව වෙනත් රෑකියාවක යෙදී සිටියේය.

ඔවුන් ගේ ජීවිත හින්දි සිනමාවේ එන චරිත වලට සමානය. කෙසේ වෙතත් මෙම නවකතාව ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් විසින් සම්මානනීය චිත්‍රපටයක් නිශ්පාදනය කර ඈත.

1960-70 දශකයන් වල නවකතා කරුවන් හඳුන්වා දෙන මද්යම පාන්තික චරිතවල ප්‍රේමවන්තයන්, යහලුවන්, නෑදෑයන් ගේ සම්බන්ද තාවන් සහ කරදරයේදී අනෙකාට උදව්කිරීමට පෙලඹිම නිර්ව්යාජය. එම දශක වල ජීවත්වුවන් මෙම නවකතා කියවීමෙන් නොස්ටෑල්ජියාවට පත්වනු ඈත.
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 30, 2022
ගොළු හදවත - කරුණාසේන ජයලත් - 1962
බඹා කෙටු හෑටි - කරුණාසේන ජයලත් - 1964

මිශ්‍ර පාසෑලක වයස 15-16 පමනවු සුගත් සහ දම්මි අතර ඈතිවු ප්‍රථම ප්‍රේමය සහ එය බිඳ වෑටීමෙන් ඈතිවු සෝචනීය තත්වය බීමතින් මඟ හරවා ගෑනීමට උත්සාහ දරන පරාජිත ප්‍රේම වන්තයකුගේ කතාව රටේ තරුන පිරිසේ බහුතරයක ආකර්ශනය දිනා ගත්තේය.

කරුණාසේන ජයලත් 1945 දී පමන යුරෝපයෙන් බිහිවූ රොමෑන්තික දර්ශනයේ අන්ගයන් වන අතිශයෝක්තියෙන් විස්තරකෙරෙන පරාජිත ප්‍රේමය සහ එහි ශෝක රසය, පරිසර වර්නනාව ආභාශයට ගෙන ඈත.

මෙම නවකතාවන් ලියවී දශක 5 පමන ගතවී ඈතත් එම කාලය පුරා දස වරකටත් වෑඩියෙන් නෑවත මුද්‍රනයන් නිකුත්වීමෙන් අදහස් වන්නේ එයට ඈති අඛන්ඩ පාථක ආකර්ශනයයි.

කෙසේ වෙතත් 1960 දශකයට සාපේක්ශව සාමාජීය සහ ආර්ථික තත්වයන් වෙන්ස්වී ඈත, තරුණ පිරිසේ ගතිගුන, වටිනාකම් වෙනස්වී ඈත. 1977 පසුව හඳුන්වා දුන් විවුර්ථ ආර්ථික ක්‍රමය ජනතාව අධිවේගවූ තරඟකාරී ජීවන රටාවකට හුරු කරන ලද්දේය. එම පරිසරයේ අවන්ක, නිරාමිස ආදරයකට ඉඩ ප්‍රස්ථාවන් සීමිතවේ. ඒබෑවින් නූතන සමාජයේ තරුණ පිරිසට මෙම පොත් ද්විත්වය කියවීමෙන් එහි මුල් පාථකයන් ලෑබූ ආශ්වාදය ලෑබේද යන්න ප්‍රශ්නාර්ථයකි.

නවකතා කරුවාට අනුව තරුණ පිරිසේ බහුතරය තම ප්‍රේමය පූජණීය තත්වයෙන් සලකන්නෝ වෙති ඔවුන් ස්ත්‍රි ලෝලීන් නොවෙති. ප්‍රථම ප්‍රේමය බිඳුන තරුණයා බේබද්දකුවී තම අනාගතය විනාශ කරගෑනීම සමාව දියහෑකි සුන්දර වරදකි. 1917 සරච්චන්ද්‍ර චට්ටොද්පාය විසින් රචිත දේව්දාස් හී වන්ශවතෙකු වූ කතානායකයා තම ප්‍රතම ප්‍රේමය අහිමිවීම නිසා සදාකාලික බේබද්දකු වූයේය නමුත් ඔහු ස්ත්‍රි ලෝලියකු නොවුයේය.

මෙහි කතාව සහ චරිත ගති පෑවතුම් ඉතා සරලය. ප්‍රථම ප්‍රේමය බිඳ වෑටීමෙන් පසු සුගත් හට වසර 5-6 පමන රෑකියාවක් නොකර හෝටලයක නෑවතී විස්කි බොමින් කාලය ගත කිරීමට අග හිඟ නෑතිව මූල්ය පහසුලම් සහෝදරයා වන සරත් විසින් සලසන ලද්දේය. ඔවුන් සතු අක්කර 100 පමණ වූ තේ වත්ත පාලනය කරන ලද්දේ කොන්දොස්තර කෙනෙකු විසින්ය සරත් පූර්න කාලීනව වෙනත් රෑකියාවක යෙදී සිටියේය. ඔවුන් ගේ ජීවිත හින්දි සිනමාවේ එන චරිත වලට සමානය. කෙසේ වෙතත් මෙම නවකතාව ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් විසින් සම්මානනීය චිත්‍රපටයක් නිශ්පාදනය කර ඈත.

1960-70 දශකයන් වල නවකතා කරුවන් හඳුන්වා දෙන මද්යම පාන්තික චරිතවල ප්‍රේමවන්තයන්, යහලුවන්, නෑදෑයන් ගේ සම්බන්ද තාවන් සහ කරදරයේදී අනෙකාට උදව්කිරීමට පෙලඹිම නිර්ව්යාජය. එම දශක වල ජීවත්වුවන් මෙම නවකතා කියවීමෙන් නොස්ටෑල්ජියාවට පත්වනු ඈත.
Profile Image for Amalie .
784 reviews206 followers
June 21, 2019
Read this long time ago when I was a teenager. I hated it then, and I still hate it.

It's a story about an ESFP girl completely messing up an ISFP boy.

Hated the movie as well, but loved its musical score.
Displaying 1 - 6 of 6 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.