Jump to ratings and reviews
Rate this book

ආලවක නරක නෑ

Rate this book
මේ සයිට් එකට අපිටත් පොත් එකතු කරන්න පුළුවන්ද බලන්න මම මේක ඇතුලත් කරනවා.. මේ වෙලාවේ පොතක් ගැන විස්තර ගන්න පුළුවන් මා ළග තියන එකම පොත මේක..
පොත ගැන කියනවා නම්. සරළවම මරු.!

119 pages, Paperback

First published January 1, 2007

3 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
3 (42%)
4 stars
2 (28%)
3 stars
2 (28%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Naleendra Weerapitiya.
309 reviews34 followers
May 26, 2021
ලේඛකයන් නොවන සිංහල කලා ක්ෂේත්‍රයේ විවිධ අංශ වල දස්කම් පෑ අයවලුන් වරෙක, නවකතා, කෙටිකතා, කාව්‍ය ආදි තමන් ගේ ප්‍රමුඛතම මාධ්‍යයෙන් පරිබාහිර අංශ තෝරා ගනී. ඒ අනුව ය, ජෝ අබේවික්‍රම, ජයලත් මනෝරත්න, හෙන්රි ජයසේන, ඩබ්ලිව්. ජයසිරි සහ බර්ට්‍රම් නිහාල් ගේ නවකතා /කෙටිකතා ආදී නිර්මාණ වල යෙදෙන්නේ. නවකතා හෝ කෙටිකතා රචකයන් නොවෙන කලා කරුවන්ගේ ලේඛන හැකියාවන් කියවා බැලීමට අප උනන්දු වන්නේ, ඔවුන්ගේ අන් මාධ්‍ය භාවිතාව - රඟපෑම වේවා, තිර රචනය වේවා, නාට්‍යකරණය වේවා - ගැන ඇති යම් පැහැදීමක් නිසා ය. බොහෝ විට ඔවුන්ගේ නවකතා හෝ කෙටිකතා, ඔවුන් වඩා ප්‍රසිද්ධ තලයේ නිර්මාණ තරම් සාර්ථක වන්නේ ද නැත.

ඉතින් මේ ප්‍රස්තාවනාව කීවේ දුග්ගන්නාරාළගේ කෙටිකතා සංග්‍රහය කියවීමේ අත්දැකීම් කීමටය. එක, මම දුග්ගන්නාරාළ අප රට විද්‍යුත් මාධ්‍යයට සම්බන්ධ යැයි දැන සිටියට, ඔහු "ඇත්තෙන්ම මොනා ද කලේ කියා " දන්නේ නැත ( මා රූපවාහිනිය නොබලන තරම් නිසා, වෙන්නැති ) දෙක, "අහංකාර නගරේ". "සිංහයාට බයයි" ආදි ගී ඔහු ගේ රචනා යැයි දැන උන්නට, ඔහුගේ අන් ගී නිර්මාණ ගැන දන්නෙත් නැත්තේ, මා මෑත කරලියට පැමිණි සිංහල ගායක-ගායිකාවන්ගෙ ගී ගැන දන්නේ නැති හෙයිනි. තුන, මට දුකා හොඳටම මතක හිටියේ, ඉස්සර සිරසේ කමත කරද්දීය. එය ද මා නරඹා නැත. මගේ නැසී ගිය මාමණ්ඩිය එය පුරුද්ද්ක් ලෙස නරඹද්දී දුකා හොඳට කට ඇර සිංහලෙන් දොඩනවා මා ආසාවෙන් විනාඩියක් දෙකක් නැවතී බලා ඇත. එපමණය - නමුත්, මේ මනුස්සයාගේ කෙටි කතා කොහොමද කියා දැනගැනීමට උවමනාවක් අර පෙර කී ගී රචනා දෙකත්, ඔහුගේ කතා විලාශයත් ප්‍රමාණවත් විය.


මේ සංග්‍රහයෙන් පිටපතක් වසර දහයක් පමණ සෙවුවද හමු වූයේ මෑත දිනෙක රෝයල් ටැප්‍රෝබේන් එකෙන්‍ ය. මල්ල, ආලවක නරක නැත, ජීවිත සංධ්වනිය, මදුරු ප්‍රේම කාව්‍යය, නාඳුනන තුවක්කුකරු මා රස විඳි කෙටිකතා ය. අසාර්ථක යැයි කිව හැකි කෙටි කතාවක් නැති තරම්‍ ය - එහෙත් විශිෂ්ඨ යැයි කිව හැකි නිර්මාණ ද නැත. තැනෙක දෙකක සියුම් හාස්‍යයන් කෙටි කතාව රසවත් කරයි.


"බස් එක ඉස්සරහට ඇදෙනව. මමත් තව කිහිපදෙනකුත් යන්නේ පදික වේදිකාව උඩින්. සමහර වෙලාවට ගෙවල් වල මිදුල් උඩින්, කඩ බක්කි ගාවින්. මමයි බස් එකයි අතරින් ලයිට් කණු පහුවෙයි කියල මා වෙලාවකට බයත් හිතෙනව." ( මල්ල / 18 පිටුව )

"'ගෙදර හරියෙම උයන්න කියල දෙයක් නෑ තමුසෙ ඕක ගහ ගහ ඉන්නව'

'ඇයි මැණිකෙ කෑමට ස රි ග ම ප ධ නි ස තියෙන්නෙ'

එහෙම කියපු දවසෙ රෑ කෑම කූඩේ උස්සපු ලොක්කට ඌරු ජුවල් ගිහිං

'කෝ යකෝ කෑම'

'ඔය තියෙන්නෙ ස රි ග ම හොද්දක් හැදුව. ප ධ නි ස තෙල් දැම්ම. පොඩ්ඩක් ඉන්නව කෝමල ස්වර ටිකක් බැදල ගේනකං'" ( ජීවිත සංධ්වනිය / 48-49 පිටු)

මේ ජීවිත සංධ්වනියේ ප්‍රධාන කථකයා, ටොමි නම් බලු රාලෙකි.

මදුරු ප්‍රේම කාව්‍යය ගතහොත්, එහි ආඛ්‍යාන ආකාරයේ ඇත්තෙන්ම පොඩි "වෙරි" ගතියක් ඇත. රෑ බෝ වී ගෙදර එන මිනිසා 'මදුරියෙකුට' පෙම් කරන්නේ දවස පුරා ෆැක්ටේරිය වැඩ කරපු සිය ඇබේණිය ඇඟේ අමාරුවට මලා වගේ නිදි නිසාය. "ආලවක නරක නෑ" හි, ආලවක ලා ට වඩා පුණ්‍ය කටයුතු වලට නූතන මුදලාලි යක්කුන්‍ ය. පංච නින්දාවේ "කොමිනිස්" කාරයා කපා ගන්නේ තමන් ගහට නැග සිටි අත්ත ම ය. එය අප සමස්ත වාමවාදී දේශපාලනය ගැන සියුම් උපහාසයක් බඳුය. පර්ලි තම ඇඟ විකුනා පෑ බාගයකින් හම්බ කරන ගාන සොයන්නට ඇගේ සැමියාට දවසේ ම කුලියක් මලියක් කරන්න වන්නේය - ඉතින් ඔහු වෙන මොනා කරන්නද, පර්ලි ට ඉඩ දී පරාජය බාරගන්නවා ඇර ( දිවිදෙන )...

මෙවන් ජීවිතයේ හීනි පෙති දහයකි, මේ කෙටි කතා දහය. මා මෙය දින තුන හතරක් තුල කියෙව්වේ, තැනින් තැන "ඉතිරු වෙන" විනාඩි 10-15 කෑලි මගින් ය. මේ කෙටි කතා පෙති හීනි වුව, එහි රසයන් විචිත්‍රය; බොහෝ තැන් වල අනනය ලක්ෂණ ඇත. මෙහි විඳීම් ගණනාවක් ඇති බවත්, අවස්ථාවක් ලදොද්, කියවන්න. පැයක් දෙකක් වැය කොට කියවීම බෙහෙත් නෙල්ලි ගෙඩියක් කෑවාක් මෙන් විවිධ රසයන් ගේ එකතුවක් කෙටිකාලයක් තුල විඳීමේ අවස්ථාවක් ගෙන දෙන්නක් විය හැක. එහෙත්, මෙහි පිටපතක් සොයාගැනීම නම් පහසු නොවනු ඇති බවකි, මගේ විශ්වාසය.

ශ්‍රේණිගත කිරීම: ***1/2
කෙටිකතා
ප්‍රකාශනය: සංහිඳ (2007)
Profile Image for Malee.
11 reviews3 followers
June 25, 2009
I am gonna add this book as a experiment :p wat for the review
Displaying 1 - 2 of 2 reviews