Jump to ratings and reviews
Rate this book

භේරුණ්ඩ කැදැල්ල

Rate this book

311 pages, Paperback

Published January 1, 2020

1 person is currently reading
3 people want to read

About the author

Rupa Sriyani Ekanayake

8 books9 followers
රූපා ශ්‍රියානි ඒකනායක (Sinhala)

Rupa Sriyani Ekanayake started her writing career in 1999 by writing "Sausiri Sapiri Saudia” based on her experiences in Saudi Arabia where she accompanied her husband who was on a diplomatic posting, and served as a teacher.

In the year 2000, she wrote five children's books based on Jathaka stories ( the stories of Lord Buddah's previous births). The five books were: "Miulu Nuwara Pandiwaru" ; "Katusu Kare Raththaran", "Pinguththara; Kalana Mithuru" and "Aggala Liyamana". Her next book, "Dehshanuragaya" ( Patriotism) , published in 2002 , was a collection of short stories based mainly on her experiences as an officer of the Sri Lanka Administrative Service. She wrote two novels , Vijayai Kuweni and Senkadagala Maha Biso, in 2003 and 2005, respectively , both were based on the pathetic lives of two queens of Sri Lanka who had suffered for merely being heirs to the throne of the country. Her novel, "Tharu Bambasara" which was written in 2006, was nominated for the "Swarna Pusthaka Sammana" awarded by the Sri Lanka Book Publishers Association, annually.Rupa Sriyani Ekanayake launched her latest novel, Dutmi Nethin Kasup Nirind , in 2009, which depicts the aesthetic qualities of the life of King Kasyapa who built one of the nation's main heritages , Sigiriya, the lion rock.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
4 (30%)
4 stars
6 (46%)
3 stars
3 (23%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Naleendra Weerapitiya.
309 reviews32 followers
October 30, 2022
***1/2

සැ. යු. ( පොත කියවීමට බලාපොරොත්තු වන අයට, එය කියවා අවසන් වන තුරු මේ අදහස් ගැන්වීම කියවීම අධෛර්‍යමත් කරමි).


මට මේ ලේඛිකාවගේ ලිවීම් සමඟ දීර්ඝකාලීනව පැහැදීමක් තිබී නැත. ඒ මා ඇගේ කියවූ පළමු ග්‍රන්ථය නිසා විය හැකිය ( 'දිට්මි නෙති කසුප් නිරින්ද්'). එහි ඇය කාශ්‍යප රජුගේ කාලයට යාමට භාවිත කල විධික්‍රමය පිළිබඳව ඇති වූ අපැහැදීම අදටත් පහව නැත. අවාසනාවකට මෙන් මෙම ග්‍රන්ථයේදී ද කතුවරිය තම කතාවට පදනම වන අත්පිටපත් හොරකම සංඝත ලෙස, පාඨක විශ්වාසය රැකෙනාකාරයෙන් සිදු කර නොමැති බවය මගේ විශ්වාසය. වරුණ, ඔහුගේ අතිජාත මිත්‍රයා විසින් බොහෝ සෙයින් වර්ණනා කල පිටපත, මිතුරාගේ ඇවෑමෙන් සම්පූර්ණයෙන් නොකියවා තම නමින් මුද්‍රණයට පත් කිරීම මට නම් පාඨක විශ්වාසය පළුදු කරන අවස්ථාවකි. කිම ද වරුණ පිටපත කියෙව්වේ නම්, කුමන විදිහකින් හෝ, ඒ අයුරින් ම එම පිටපත තම නමින් නම් මුද්‍රණය නොකරනු ඇත. සොරකම් කිරීම් එකකි - එහෙත්, සාහිත්‍යයකරණයේම රැඳී සිටියෙකු, අපරික්ෂාකාරීව එය මුද්‍රණයට යොමු කිරීම විය හැකි ලෙස මට පිළිගත නොහැක. කෙනෙකුට, එසේ නම් මෙම පොත ද නැති බවට වාද කල හැක. කතුවරිය සාර්ථක විය යුත්තේ, එවන් අවස්ථා පාඨක විශ්වාසය පළුදු නොවෙනාකාරයෙන් නිර්මාණයේදී ය. නැතිනම් තමනට සාර්ථකව ලිවිය හැකි කොටස් එසේ ලියා, අභියෝගාත්මක තැන් වලට පැලැස්තර දැමීම, මුළු නවකතාවට ම ගෙන එන්නේ අවැඩකි. ඉතින් හිතවත් පාටකයෙනි, මේ පොත ගැන විශ්වාසය එම මුල් පදනේම ම බිඳ වැටුණි. කතුවරියට අවශ්‍ය මතුමහල සෑදිමට තරමක් විකෘති තර්කයෙන් යුත් අඩිතාලමක් භාවිත කොට ඇත. එහෙත් එම මතුමහල නම් ඈ බොහෝ සාර්ථකව "තනා" ඇත.

බිඳී විසුරුණු පවුල්, එහි දරුවන්, දෙමව්පියන්ගේ අලුත් සම්බන්ධකම්, දරුවන් දෙමාපියන් කෙරෙහි සිත් බිඳුණු පසු ක්‍රියාකරනාකාරය ආදිය කතුවරිය ලියා ඇත්තේ ඉතා ගැඹුරු ජීවන දෘෂ්ඨියක්, අවබෝධයක් ඇතිවය. මෙහි එන නන්දිතා ගේ චරිතය කතුවරියගේ සාර්ථකම චරිත ගොඩනැගීම් වලින් එකක් විය යුතුය. නාමලි, රාහුල්, වරුණ ආදි චරිත ද සාර්ථකව ගොඩනගා ඇත. ඇත්තෙන්ම මට නම් හැඟෙන්නේ මෙම කතුවරියගේ ශූරතාව ඇත්තේ පුද්ගල සම්බන්ධතා, පවුල් සබඳතා, එහි ගැටුම්, ආදිය ගැන ලියනාකාරයේ කියාය. කතුවරියගේ මා කියවූ අනෙක් කෘතිය වන සිටුවර පුවත හි වුව මෙම දක්ෂතාව දිටිමි. නන්දිතා, වරුණ හා මධුමතී විෂයෙහි ක්‍රියාකරනාකාරය පමණක් නොව, නාමලි, ජිනපේම "දෙවියකු" ලෙස දකිනාකාරයේ ද මා දුටුවේ සාර්ථක සාහිහ්‍ය නිර්මාණකරණයකි.

"..දෙවිවරු ඉන්නේ ඔය කඩවසම්, තරුණ, බඩ මහත, ගෑනියෙක් දැක්ක ම දපනෙ වැටෙන පිරිමි සරීරවල නෙමේ මහත්තය... මේ වගේ අජුත, මළ පෙරේතයො වගේ පෙනෙන මිනිස්සු අතරෙ..." ( 206 පිටුව)

එලෙසම, උපනුවන් නාමලී ට ලියූ ලියුමේ ඇති කොටසක් ද මා සිත් ගත්තේ, එය ද කතුවරිය මිනිස් හැඟීම් ගැන විවෘතව කතාකරනා අවස්තාවක් පමණක් නොව, අවබෝධය ට සාකිෂියක් නිසාය.

".. එහෙත් මා ද සුදනෙකු යැයි, උපාසකයෙකු යැයි, සාධුවරයෙකු යැයි සිතන්නට එපා.. නුග සිසිලක් ලෙස මා අත්දුටු විරාගය ක්‍රමයෙන් රාගයක් බවට පත් කළේ ඔබමයි... ඔබ සමග සිතින් රමණයේ යෙදුණා.. කයෙන් ආශ්වාදයල් ලැබීම වගෙ ම, සිතින් ආශ්වාදයේ වෙළිමත් එක ම සංසිද්ධියේ දෙපැත්තක් කියලයි මං හිතන්නේ..
....
එහෙත් ඔබ ප්‍රේමවන්තයෙකු සොයාගත්තේ මා විසින් ම ඉතා අපහසුවෙන් සීමා මායීම්වලට හිර කරගත් රාගය ඔබේ සිතේ උත්සන්න වී, පිටාර ගලන්නට පටන්ගත් නිසා ද?.. ඔබේ සිතේ උතුරා යන සිතිවිලි හා හැඟීම්වලට කායික පිටිවහලක් මගෙන් නොලැබුණු නිසාද ? මානුෂික ධර්මතාවක් වන රාගය ඔබේ සිතේ ඇවිස්සීමට මා ද දායක වී ඇතැයි දැන් මට සිතේ." ( 230 පිටුව)

මෙම නවකතාව 2021 සඳහා වූ ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගන්නා ලදී. වසරේ හොදම නවකතාව ද යන්න විවාදපන්න වුවද, අප රට බොහෝ සම්මාන වල දිගු ලයිස්තු ( ඔවු, සමහර විට කෙටි ලයිස්තු වලට පවා ) තේරිමට තරම් විභවයක් මෙම නවකතාව තුල, පෙර කී දෝෂය අභිබවා යමින් මම දකිමි. මා සාමාන්‍යයෙන් මෙම කතුවරියගේ පොත් කියවීම මග අරිමි. එහෙත් ප්‍රධාන සම්මාන දිනූ, නිර්දේශ වූ නවකතාවක්, තත්කාලින නවකතා කියවන්නෙකු ලෙස මගේ කැමති/අකමැතිකම් මත අතැරීම නොකල යුත්තක් ලෙස සිතමි. ඒ නිසා ම ය කියවූයේ. කතුවරිය ලේඛනයේ දී දක්ෂතා පෙන්වන අවස්ථා ඇති බවට මෙම කෘතිය සාක්ෂියකි.
( තරු හතරක පොතකින් තරු බාගයක් කපා හරින්නේ පෙර කී අඩිතාලම් දුර්වලතා ප්‍රශ්ණය නිසා ය)

ශ්‍රේණිය: ***1/2
2020 වසරේ ප්‍රකාශ වූ නවාකතා කියවීම - 7
ස්වර්ණ පුස්තක සම්මානය - 2021
රාජය සාහිත්‍ය සම්මාන - අවසන් වටය - 2021
ගොඩගේ සාහිත්‍ය සම්මාන - අවසන් පූර්ව වටය - 2021
සූරිය ප්‍රකාශනයකි ( 2020)
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 30, 2022
භෙරුන්ද කැදැල්ල - රූපා ශ්‍රියානි ඒකනායක - 2020
2020 - ස්වර්ණ පුස්තක සම්මානය දිනු විශිෂ්ටතම නවකතාව

ඉහල මද්යම පන්තියට ආවේනිකවූ පවුල් ප්‍රශ්න මත ගොඩනැගී ඇති, එක දිගට කියවාගෙන යාහැකි තරමට රසවත්වූ සාහිත්‍ය ප්‍රබන්ධයකි.

ඉහල මද්යම පන්තියේ සාමාජිකයන් තම මුලික අවශ්‍යතාවන් සම්පුර්ණ කරගෙන ඇත. අධ්‍යාපනයෙන් සහ නිලතල වලින් සන්නද්ධ වූ ඔවුන්ගේ මූලික ප්‍රශ්න වී ඇත්තේ එකී නෙකා පරයයාමේ තියුණු තරඟය සහ අතෘප්තිමත් ලිංගික ජීවිතයයි.

උසස් යයි සම්මත සමාජයේ පවතින වුර්තිමය වංචනික භාවය, ඔවුන්ගේ ඉහල සමාජය සමඟ පවත්නා සම්බන්ධතාවන් හේතුකොටගෙන මාධයතුලින් හෙළිදරවු නොවේ.

ඉහළ සමාජය තම ප්‍රතිරුප ගොඩනගා ගැනීමට දරන උපක්‍රම වලින් ඔවුන්ගේ දෙබිඩි ජීවිතවල ඇති නිස්සාර භාවය තම සමිපයන් හට හෙළිවීම මෙම නවකාතාව මගින් කතුවරිය ඉදිරිපත් කර ඇත.

මායා යථාර්ථවාදය වැනි ජනප්‍රිය නවකතා ආකෘති වලින් බැහැර වී, යතාර්තවාදීව ඉදිරිපත් කිරීම නිසා මෙම නවකතාවේ ආකර්ශනීය භාවය වැඩිවී ඇත.
Profile Image for Ramindu Thivanka.
251 reviews6 followers
March 18, 2023
ලාංකීය සමාජයේ පවුල් වර්ග දෙකක් ඇත. නොගැලපීම් අමතක කර දරුවන් වෙනුවෙන් කැපවීම් කරන පවුල් සහ දරුවන් පසෙකලා, නොගැලපෙන දීගය කටු ගා දමන පවුල් ය.
භේරුණ්ඩ කැදැල්ලේ වරුණ, උපනුවන් යන මිත්‍රයන් නොගැලපෙන විවාහ දෙකකින් බැට කෑ ලේඛකයන් දෙදෙනෙකි.
ඔවුන්ගේ ජීවිත වල හැල හැප්පීම් වල දිග හැරුමයි
Displaying 1 - 3 of 3 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.