Jump to ratings and reviews
Rate this book

කොළඹ කතාව භික්ෂු පරිච්ඡේදය

Rate this book

438 pages, Paperback

First published September 1, 2018

22 people are currently reading
498 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
43 (52%)
4 stars
15 (18%)
3 stars
9 (10%)
2 stars
6 (7%)
1 star
9 (10%)
Displaying 1 - 7 of 7 reviews
May 29, 2021
නුතන කවි පොත් තුනක් (03) ක් හා විප්ලවකාරී ජිවිත කතා පොතක් [2016-2018]

මා හට කියවන්නට ලැබුණු තරමක් නැවුම් ලේඛණ රීතියකින් බිහිවූ පොත් හතරකි මේ.

'භික්ෂු පරිච්චේදය' ඉතාම බලවත් මෙන්ම වැදගත් සාධකයක් කතා කරයි. එහි වැරදි ඇත. නමුත් ලේඛණ රීතිය තුළ නව්‍යතා විශාල ප්‍රමාණයක් ඇතුළත් වේ.

කවි පොත් තුනද නැවුම් ලේඛණ රීතියක් යොදාගෙන ඇති බව පෙනේ.

Link - https://bookerreadsdaily.blogspot.com...

According to Sannasgala* - Samsara (Sansara / සංසාර) : A Colombo story ( Kolomba Kathawa / කොළොඹ කථාව) : The Chapter of Buddhist monks (Bhikshu Parichchedaya / භික්ෂු පරිච්චේදය) - Upul Shantha Sannasgala / උපුල් ශාන්ත සන්නස්ගල

*The title "According to Sannasgala" is inspired by "According to Mathew" (2018) / "මතෙව්" (2018) Sinhala and English film which was based on the murders conducted by Rev. Mathew Peiris in the 1970s in Sri Lanka.


Upul Shantha Sannasgala is a contemporary Sri Lankan Sinhalese writer who has written a controversial novel about his life, about Buddhism and Buddhist monks.

This book was published in 2018 and was available to purchase in the Colombo Book Fair: 2018 at Bandaranaike Memorial International Conference Hall (BMICH).

The name of the book is (Sansara / සංසාර): ( Kolomba Kathawa / කොළොඹ කථාව): (Bhikshu Parichchedaya / භික්ෂු පරිච්චේදය).

The book contains his discussions with his pet dog, discussions with himself and discussions with several monks.

And also the book contains things he extracted from the social media about Buddhism.

He has shown his negative perspective about Buddhism and has attempted to create a 'discourse' about this matter through his novel.

The writer believes Sri Lanka is struggling as a third world country due to its centralization in Buddhism and also due to the Sinhalese culture.

The writing has a 'confessional writing style' as well which is evident during the reading of the book.

He has used many examples in Sinhala to back his observations which are shared in my Sinhala blog post. (Check below link)

https://bookerreadsdaily.blogspot.com...

Therefore I am not going to translate these quotations into English.

According to the writer's view, Buddhism is bound with Sinhalese culture negatively and have lost its core values.

But he has 'over-emphasized' on little aspects of wrongdoings in Buddhism and the Buddhist monks rather than focusing on the 'bigger picture'.

The writer seems to be 'blinded by hate' during his writing this book which is evident when you read the book in my opinion.

He has 'less prioritized' many major achievements of Buddhism as a religion compared to other religions of Sri Lanka.

Therefore some of his accusations are baseless without proper evidence.

Link - http://bookerreadsdaily.blogspot.com/...

පිස්සු පරිච්චේදය - සංසාර : කොළොඹ කථාව : භික්ෂු පරිච්චේදය / උපුල් ශාන්ත සන්නස්ගල

මම මෙම ලේඛණය (පොත) 2019 ජනවාරි 07 වැනි සඳුදා ඉතාම කෙටියෙන් 'විප්ලවකාරී ජීවිත කථා පොතක්' ලෙස හා 'වැදගත්' සාධකයක් කථා කරන බවට සඳහන් කලෙමි. එම කෘතිය තුළ 'වැරදි' ඇති බවද සඳහන් කළෙමි. එම ලේඛණ රීතියෙහි 'නව්‍යතා' වීශාල ප්‍රමාණයක් ඇතුළත් වූ බවද සඳහන් කළෙමි.

එම බ්ලොග් සටහන සඳහා අදාළ ඇමුණුම පහත දැක්වේ.

https://bookerreadsdaily.blogspot.com...

එම සඳහන් කිරීම් වැඩි දුරට විශ්ලේෂණය කිරීම මෙම විචාරයෙන් සිදුවේ.

මෙහි ලේඛකයාගේ නම උපුල් ශාන්ත සන්නස්ගල ය.

ඔහු සිංහල භාෂා දේශකයෙකි; නවකතාකරුවෙකි; සාහිත්‍ය විචාරකයකි; ගේය පද රචකයෙකි; චිත්‍රපට නිෂ්පාදකවරයෙකි.

හෙතෙම විවිධ විචිත්‍ර සාහිත්‍ය, කලා, සංස්කෘතික ක්ෂේත්‍ර ස්පර්ශ කරයි.

එහි ලේඛකයාගේ අනිකුත් පොත්ද මෙහි ඇතුලත් නොවේ.[සංසාර - කොළොඹ කථාව - භික්ෂු පරිච්චේදය නම් ග්‍රන්ථය තුළ]

ඔහුගේ නවකථා ලෙස පහත පොත් පෙළ දැක්විය හැක.

(01) සරසවි දියණියෝ
(02) නේත්‍රා
(03) සංගිලි පාලම
(04) තුඹසක විළාපය
(05) වසන්තය එනවා සත්තයි
(06) අපේ ආදර කතාව
(07) වස්සාන සිහිනය
(08) මගේ කුළුදුල් පෙම්වතිය
(09) ආදරේ තරම්ම යසෝදරා
(10) පිරිමි ගොඩයි මං විතරයි
(11) අම්මා
(12) කොළපාට ඇස්
(13) ලලනායනය
(14) නිර්වාණ
(15) සංසාර - කොළොඹ කථාව - භික්ෂු පරිච්චේදය

ඔහුගේ ගීත රචනා ලෙස පහත ගීත පෙළ දැක්විය හැක.

(01) දඟකාර හැඩකාරී
(02) වැහි පබළු

'භික්ෂු පරිච්චේදය'ට පටුනක් නොමැත.

එමනිසා මෙහි පටුන මම මෙසේ සකස් කරමි.

මෙම කෘතියෙහි පටුන හා පරිච්චේද පෙළ පහත ලෙස දැක්විය හැක.

01. සින්දා බාද් ගුරුජි
02. විසිරි ඉසිරී
03. බ්‍රව්නි බාලු
04. පණු බෙහෙත් දිය යුතුයි.
05. තිවත
06. වටිනාකම්
07. පිලිකා
08. මතක ඉරි මත ඇවිදිමි
09. රිදුණු අය රිද්දති
10. අපා දෙපා සිව්පා
11. තනි තනිව එකට ඉමු
12. කලුපාට පියාපත් යට

'සංසාර - කොළොඹ කථාව - භික්ෂු පරිච්චේදය' කෘතිය තුළ බුදු දහම හා උන්වහන්සේගේ චිරාගත සංඝ සම්ප්‍රදායට අගෞරව වන ලෙස තම කෘතිය තුළ අදහස් ප්‍රකාශ වීම නිසා මෙම කෘතිය තරමක් ආන්දෝලනාත්මක ස්වභාවයක් ගනී.

මෙම කෘතිය නිකුත් වන්නේ කතුවරයාගේ ප්‍රකාෂණ ආයතනයෙන් ප්‍රකාශිත "බුදුන්ගේ රස්තියාදුව" කෘතියත් සමගයි. මෙම කෘතිය තුලද බුදු දහම හා එහි චිරාගත සම්ප්‍රදාය පිලිබඳ තරමක් රෞද්‍ර මෙන්ම මනෝ ව්‍යාධික මතවාදයක් ප්‍රචලිත කිරීමට උත්සහ දැරූ ස්වභාවයක් පෙනේ.

මෙම කෘතියට [බුදුන්ගේ රස්තියාදුව] විචාරයක් මම විසින් පෙර මෙම බ්ලොග් පිටුවේම සටහනක් තැබුවෙමි.

එම බ්ලොග් සටහන සඳහා අදාළ ඇමුණුම පහත දැක්වේ.

https://bookerreadsdaily.blogspot.com...

මෙය යම්කිසි බෞද්ධ ධර්මය හා එයට අදාළ චිරාගත සම්ප්‍රදායට එරෙහි 'සාහිත්‍යමය ෂානරයක' ආරම්භයද විටෙක සිතේ.

'සිංහල ජාතිය' හා 'සිංහල සාහිත්‍ය' හරහා මෙවැනි 'ෂානරයක' බිහිවීම තුළ මෙම පොත් දෙක (02) හා ඊට අදාළ සාහිත්‍යමය ක්‍රියාවලිය තුළ වැදගත්කමක් ඉස්මතු වේ.

එම ක්‍රියාවලිය කෙතරම් 'ධනාත්මක' ද හෝ 'සෘනත්මකද' කියා මෙම විචාරයේදී තවදුරටත් විමසීම මාගේ ලේඛණයේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ප්‍රධානම ආගම බුද්ධ ධර්මයයි.

එමනිසා මෙම කෘතිය මගින් සිදුවන්නේ කුමක්ද යන්න 'කියවීම' පැහැදිලිව සිදුකල යුතුය.

පොතෙහි මිල රු. 800 කි. පොතෙහි පිටු 438 කි.

මෙම ග්‍රන්ථයෙහි උච්චතම එවැනි මොහොත මෙසේ උපුටා දැක්විය හැක.

........................................

මෙම ජේදයේදී ඔහු පුනර්භවය හා බුදු දහම ප්‍රධාන සංකල්පයන් විශ්වාස නොකරන බවට තරයේ ප්‍රකාශ කරයි.

තවද එසේ තිබියදී සංස්කෘතික හා දේශපාලනික වශයෙන් සංවේදී බෞද්ධ සංකල්ප වලට තමා දරණ මතය ප්‍රකාශ කිරීමට කතුවරයා නොබියවී ඇත.

..........................................

කෙසේ වෙතත් කතුවරයා 'විසිරි ඉසිරී' පරිච්චේදයේදී මෙසේ කියයි.

...........................................

'දෘෂ්ටිවාදයේ' භාවිතාවේ කතුවරයා විසින්ම පොතහි ගෙන ඒම කියවන්නාට අවසානයේ සතුටක් ඇති කරයි.පහත දැක්වෙන්නේ එම උපුටගනිමයි.

............................................

මෙහිදී හීරළු මිනිසකු ගැන ලේඛණයක් 'තිවත' නම් පරිච්චේදය පුරා දිව යයි. එහිදී තරමක් වැදගත් සාධක කිහිපයක් තම කියවන්නන් සමඟ බෙදාහදා ගැනීමට කතුවරයා සමත් වේ. නමුත් එහි සත්‍යතාවය කෙතරම් ද යන්න අපැහැදිලිය.

පහත දැක්වෙන්නේ එම උපුටගැනීමයි.

.............................................

කතුවරයා නැවත වරක් තම කතාවේම සත්‍යතාවය කියවන්නා ඉදිරියේ අසරණ කර ඇත. ඒ ඔහුගේ නිර්මාණත්මක සාහිත්‍යමය ප්‍රයෝගයක්ද යන්න සැක සහිතය.

පහත දැක්වෙන්නේ එම උපුටගැනීමයි.

..............................................

"අපා දෙපා සිව්පා" පරිච්චේදයේදී මෙවැනි කියවීමක් අපට හමුවේ. එමගින් කතුවරයාගේ මානසික ව්‍යාධියක ලක්ෂණ පෙනේ.

පහත දැක්වෙන්නේ එම උපුටගැනීමයි.

................................................

ඉහත කි ලක්ෂණ තවත් පැහැදිලි වන ලේඛනයක් පොතෙන් මා උපුටා ගනිමි.

.................................................

නැවත නැවත කතුවරයා පාඨකයාව ඉතාම අපහසුතාවයකට පත් කරයි. සත්‍යය හා අසත්‍යය අතර බොඳවන කරුණු මෙහිදී ඇතුළත් වේ.

පහත දැක්වෙන්නේ එම උපුටගැනීමයි.

...................................................

කතුවරයා නැවත තම ලේඛණයේ තත්ත්වය ආරක්ෂා කර ගත්තේ මෙසේය. පහත දැක්වෙන්නේ එම උපුටගැනීමයි.

.....................................................

පැරිසිය�� පන්සල් ගැනද මෙහි ජේදයක් ඇතුලත් වේ.

.....................................................

ආගම හා කලාව අතර පවත්නා වෙනස මෙහිදී තවත් තවත් විවාදාපන්න ලෙස කතුවරයා ප්‍රශ්නයට ලක් කරයි. පහත දැක්වෙන්නේ එම උපුටගැනීමයි.

......................................................

මෙම ලේඛණය ස්වාධීන ලෙස නිර්වචනය�� දැන් මම පාඨකයකු ලෙස මෙම විචාරය කියවන්නාට ඉඩ සලස්වමි.

මෙම පොතේ පවත්නා හොඳ දෑ මෙන්ම නරක දෑ ද මම මෙම විචාරයට ගෙන ආවෙමි.

මම නම් දකින්නේ මෙම ලේඛණයේ (පොතේ) තුළ යම් කිසි මනෝවිකාරී ලක්ෂණ ඇතිබවයි.

කථා නායකයා විටෙක තම සුරතල් බල්ලා සමඟ කතා කරයි.

විටෙක කෝපයෙන් හා තරහින් භික්ෂු ඇතුළු සංඝ සාසනයට බැණ වඳියි. ඒවාට අවශ්‍ය නිසි සාක්ෂි ඔහු එලසම ඉදිරිපත් නොකරයි. කියවන්නා ඔහු විශ්වාස කළ යුතුයි.

එමනිසා මෙය විටෙක කතුවරයාගේ ජීවිතයේ 'පිස්සු පරිච්චේදය' ලෙස හැඳින්විය හැක.

මෙම නවකතාව හොඳට වඩා නරක දෙසට දෝලනය වන ග්‍රන්ථයකි.

Link - http://bookerreadsdaily.blogspot.com/...
This entire review has been hidden because of spoilers.
Profile Image for Lanil Marasinghe.
28 reviews17 followers
September 3, 2021
කොළඹ කතාව: භික්ෂු පරිච්ඡේදය මා විනෝදයෙන් කියවූ පොතකි. පිටු 450ක් පමණ වුවත් එපා නොවී ආසාවෙන් කියවූ පොතකි. කොළඹ කතාව සීරිස් එක කතුවරයාගේ ජීවිත අත්දැකීම් ඇසුරෙන් ලියවුණ පොත් මාලාවකි. මේ පොතේ ඇතුලත් වන්නේ පොතේ නම සඳහන් පරිච්ඡේදයට අදාල ඔහුගේ ජීවිත අත්දැකීම්ය. ඒ අතරින් වර්තමානයේ ඔහුගේ සුරතල් බල්ලා වූ සිම්බා සහ ඔහුගේ සම්බන්ධය ගැනද ඇතුලත් ය. කතුවරයා දැන් කොළඹ කතාව යූටියුබ් එකේ කරන්නට පටන්ගෙන ඇතත්, ඔහු කෙදිනක හෝ ඒ පරිච්ඡේද ද පොත් වලට ඇතුලත් කරනු ඇති බවට මම බලාපොරොත්තු වෙමි. කොළඹ කතාවල, අපි දන්නා වැදගත් ඓතිහාසික සිදුවීම් ගැනද, හොඳින් දන්නා චරිත ගැන ද කතුවරයාගේ ඇසින් කියවිය හැක. සන්නස්ගල මේ කියන පරිච්ඡේද ගැන පොත් ලියවී ඇත්තේ අඩුවෙන් බැවින්, කොළඹ කතාව නවීන සිංහල සාහිත්‍යට අලුත් දෙයක් එකතු කරනු ඇති.
Profile Image for Ramindu Thivanka.
251 reviews6 followers
September 20, 2019
හපුතල් ග්‍රාමයේ සිට කොළඹ පැමිනිව එහි පදිංචි වූ සන්නස්ගල නම් ලේඛකයාට මුණ ගැසුනු නොමැකෙන භික්ෂූ චරිත ගැන ලිය වූ කතාවකි. ඒ අතරින් තමාගේ ජීවිත චරිතාපදානයක් තරමක් දුරට සිදු කරන ඔහු ලාංකීය වත්මන් දේශපාලන භූමිකාව හා සාමාජීය කතිකාවතක් ද ලිවීම ට අමතක නොකරයි.
සන්නස්ගල යනු ලාංකීය නව කතාව වෙනස් කල ලේඛකයා යනු නොඅනුමානයි.
Profile Image for Resitha.
2 reviews
October 30, 2018
කළු පොතක්, ඉතිහාසයේ කළු කරපු තැන් ගැන කතා කරන පොතක්!
සන්නස්ගලගේ ජීවිත ගමනේ හමුවු එක් පරිච්ඡෙදයක් ගැන ලියු පොතක්!
Profile Image for Haresh Eranga.
67 reviews2 followers
July 28, 2019
කොලින්ට මම කොලින් මල්ලි, කෝල මල්, කොලිනයා, කොලින්ත, කෝල්, මල් කොලයා ආදී නොයෙක් නම් කියමි. කෝලි යනු එහි වත්මන් සංස්කරණයයි. ඒ මොන නම කීවත් පඩේකට ගණන් නොගෙන උගේ පාඩුවේ නිදා සිටිනා අවස්ථාද වෙයි.

භික්ෂු පරිච්ඡේදය කියවීම අපූරු අත්දැකීමකි. ජීවිත කාලයක් පුරා අත්දැකීම් එසේ එක් එක් වර්ගීකරණයන්ට ලක් කර ලිවීම ආතල් වැඩකි. භික්ෂු පරිච්ඡේදයේ ඇත්තේ සන්නස්ගලයන්ට පොත ලියන වර්තමානය දක්වා ජීවිතයේදී හමුවූ භික්ෂු චරිත පිළිබඳවයි. එය කියවීමට පෙළඹවීම ඇති වුණේ ගී පැදුර නිසායි.

ගී පැදුර අඩවියට ගී පද අසමින් සොයමින් ලියන මට කසුන් කල්හාරගේ නටාෂා ගීතයේ රචකයා සොයාගන්නට උවමනා විය. යූ ටියුබයේ එම ගීතය සෙවූ විට සියත එෆ්එම්හි ඩීජේ අරා නටාෂා ගීතයට යෙදූ පූර්විකාවක් ලින්ක් ඔස්සේ හමු විය. එහි කියවුණේ ඩීජේ අරා භික්ෂු පරිච්ඡේදය කියවමින් සිටින බවත් එහි තැනක පසන් කොඩිකාර පිළිබඳ සන්නස්ගල තැබූ සටහනක මෙම ගීතය පිළිබඳව කියවෙන බවත්ය. පොත කියවන්නට පෙළඹවූයේ එයයි. පොත වර්ෂයකට පෙර පොත් සල්පිලෙන් මිළදීගෙන ඇති බව බිරිඳගේ හෝඩුවාව ඔස්සේ දැනගතිමි. ‘භික්ෂු‘ වදන නිසා එය නැන්දම්මා විසින් කියවන්නට ඇගේ කාමරයට අරන් ගොස්ය. පේන විධියට ඇය පිටු කිපයක් කියවා නවතා ඇති සැටියකි.

භික්ෂු පරිච්ඡේදයේ සන්නස්ගලයන් ලියා ඇති දේවල් ඇත්තද බොරුද යන්න සොයන්නට හෝ ඒ ගැන වෙහෙසෙන්නට මම උත්සාහ නොකරමි. එය හුදෙක් තවත් එක් කියවීමක් ලෙස දරාගනිමි. අත්දැකීම් ඇසුරින් සමස්ථ ජීවිතය තේරුම්ගැනීමට තරම් මහ මෙරක් අත්දැකීම් ලබා නැතත් ලැබී ඇති සොච්චම සමහර දේවල් තේරුම්ගැනීමට ප්‍රමාණවත්ය. ඒ නිසා මම වැඩිදුර නොසිතමි. යුනිෆෝම් ඇන්දාට කවුරුත් මිනිස් ගති ඇත්තෝ වෙති. තව දුරටත් පූජකත්වය යනු විමුක්ති මාර්ගය සොයන්නන්ගේ තත්වයක් නොවේ. එය වරප්‍රසාදිත රැකියාවකි. විමුක්තිය සොයන්නට යුනිෆෝම් අවශ්‍ය නැත.

භික්ෂු පරිච්ඡේදයේ අවසානයටත් පෙර මා කලකට පෙර තැබූ ටිවිටර් සටහනක් සිහි විය. එහි ලියුවේ තොරතුරු දැනගැනීමට ඇති සියළු මූලාශ්‍රයන් ෂුවර් නැති බවයි. බලු පැටවුන්ට ලයික් දැමීම ඊට වඩා හොඳ බවයි. භික්ෂු පරිච්ඡේදය අවසානය වෙද්දී එහි ලිවීමේ සෞන්දර්යයෙන් වික්ෂිප්තව මම ඒ ටිවිටර් සටහන සිහි කරමි.
Displaying 1 - 7 of 7 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.