Fabian de Alwis Gunasekare79 reviews4 followersFollowFollowSeptember 27, 2020අපොස සා/පෙළ කාලයේදී "චරිත තුනක්" කියවීමෙන් පසුව ජයතිලක ගේ මා කියවූ දෙවැනි නවකතාව "රාජපක්ෂ වලව්ව" යි. මෙමෙ කෘතිය සඳහා 1980 වර්ෂයේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබී ඇති අතර මුලිකව නවකතාවේ හරයේ හි කතාවන්නේ ගැමි සමාජයේ පවතින කුල භේදය අධ්‍යාපනය හා සමාජයේ පරිණාමය මගින් මුලිමනින්ම සමහර ස්ථාන/අවස්ථා වල නැතිව ගියද සහ අඩු කුලයන්හි අය හට මෙම විපර්යාස මගින් සමාජයේ ඉහලට නැගීමට අවස්ථා ලැබුනද, අවාහ විවාහ සහ අනෙකුත් පෞද්ගලික කරණා වලිදී තවමත් සිංහල සමාජයේ සාමුහික අවිඥානය තුල මෙම කුල භේදය ඍජු ලෙස පවතින ආකාරය පිලිබඳවය. තවද, නවකතාවෙහි සුළු වශයෙන් දේශපාලනිකයින් සහ රාජ්‍ය සේවකයින් අතරේ පවතින ඝට්ටන පිලිබඳව ද කතාබහ කෙරේ.k-jayathilaka sinhala-fiction state-literary-awards