Dawson9 reviews11 followersFollowFollowJuly 4, 2009විද්‍යාවෙ තර්කය සහ අවිද්‍යාවෙ විතර්කය අතර මංමුලාවක සාහිත්‍යය අතගෑමචූල ගායිකාව කතා මංජුසාවකි. එනමින් යුත් කෙටි කතාවද මදක් විවරණය කිරීමෙන් සමර විජෙසිංහගේ කෙටි කතා කලාව වත්මන් ලාංකීය කෙටි කතාව තුල ස්ථානගත කරන්නේ කොතනදැයි විමසීම මෙ ලිපියේ අරමුණයි. එබඳු ස්ථානගත කිරීමක් එය කරනු ලබන්නාගේ සාහිත්‍ය නිර්මාණ අවලෝකන ක්ෂේත‍්‍රයට සාපේක්ෂ කියවීමක් ලෙස අනෙකාට කියවන්නට ලැබෙන බව පැහැදිලිය. එහෙයින් මෙම අදහස් අරභයා විවිධ දෙවැනි පෙළ කියවීම් ඇති වීම ස්වාභාවිකය. කෙසේ වුවද මෙබඳු ඇගයීමක් කිරීම සමර විජේසිංහ කියවන්නන්ට කරනු ලබන රුකුල් දීමක් වනු නොඅනුමානය.http://poerty-dawson.blogspot.com/200...srilankan-writers